mediahumanrights.lk
International NewsNews

සංක්‍රමණිකයන් 200 ක් මුහුදේ ගිලී මියගිය බවට තොරතුරු

ලිබියාවට ඔබ්බෙන් වූ මධ්‍යධරණී මුහුදු තීරයේදී සංක්‍රමණික යාත්‍රා අනතුරට ලක්වීමෙන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 200 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා.
ස්පාඤ්ඤ සහන සංවිධානයක් ප්‍රකාශ කළේ පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් ගමන් කළ හැකි පෙරලූණු බෝට්ටු දෙකක් තමන් නිරීක්ෂණය කළ බවයි.
මළ සිරුරු 5 ක් ද ඒ ආසන්නයේ තිබී හමුවූ බව ඉතාලි වෙරළාරක්ෂකයන් සනාථ කළා.
ස්පාඤ්ඤ සහන සංවිධානය වැඩිදුරටත් කියා සිටියේ පෙරලූණු යාත්‍රාවල ධාරිතාව සැලකිල්ලට ගත් විට සංක්‍රමණිකයන් 240 ක් පමණ මුහුදේ ගිලී මියයන්නට ඇතැයි සැක කෙරෙන බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

උෂ්ණත්වය අධික ලෙස ඉහලට.. දිස්ත‍්‍රික්ක කිහිපයක Heat Index අනතුරුදායක සීමාව ආසන්නයේ..

Shiran Viraj

උතුරු කොරියාව මිසයිල තුනක් අත්හදා බලයි

Shiran Viraj

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ජපානයට…

Shiran Viraj
Translate »