29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කියන තවත් වාර්තාවක් පිටවෙයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද කොමිසම සකස් කළ වාර්තාවක් ඊයේ ඉදිරිපත් කෙරුණා.
2015 ජනවාරි මාසයේ සිට ජගත් මානව හිමිකම් කොමිසම සහ ශ්‍රී ලංකා රජය අතර ගොඩනැගෙමින් පවතින සබදතා අගය කරන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගන්නා ප්‍රයත්නන්, ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සහ පසුගිය සමයේ සිදුවූ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සොයා බැලීම යහපත් තත්ත්වයක් බවයි එම කොමිසම පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් සැමට සාධාරණත්වය උදා කිරීමට සංහිදියාව, ප්‍රතිසංධානය සහ ආර්ථීක ප්‍රතිසංවිධාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ගන්නා වූ ක්‍රියාමාර්ග මන්දගාමී බවද එම වාර්තාවේ සදහන්.
වත්මන් ජාතික ආණ්ඩුව සංහිදියාව, වගවීම සහ ප්‍රතිසංධානය පිළිබද ලබාදුන්  පොරොන්දු මෙතෙක් ඉටු වී නොමැති බව ද කොමිසම පෙන්වා දෙනවා.
ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් එක් මතයක නොමැති බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉහත කරුණු සම්බන්ධයෙන් පරස්පර මත දරන බවත් වාර්තාවේ සදහන්.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අපරාධ වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් දෙපාර්ශවය මත දෙකක් දරන බව එහි දැක්වෙන තවත් කරුණක්.
මේ හේතුවෙන් ජනතාවට අපැහැදිලි තත්ත්වයක් මතුව ඇති බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.
කතෘ අයිතිය – නෙත් FM

Related posts

වාහන ටිකක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ..

Shiran Viraj

පාසල් නිල ඇඳුම් වවුචර් වෙනුවට යළිත් රෙදි දෙන ලකුණු

Shiran Viraj

විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්

Shiran Viraj
Translate »