28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Local News News

වික්ටර් රත්නායක තව දීගෙක ගිහින්..තාත්ත-පුතා නෑකම් ඉවරයි..- පුත් ලෙලුම් සියල්ල හෙලි කරයි..

මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායකගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් නිසා මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙ.
ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ “My Father Passed Away On 1ST of March 2017″ (මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය) බවයි
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායකගේ පුතුණුවන් වන ලෙලුම් රත්නායක මහතාගෙන් විමසීමක් සිදුකළා.
එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ එම ෆේස්බුක් සටහන වැරදීමකින් නොදැමූ දෙයක් බවත්, එය තමන් විසින් පළ කළ දෙයක් බවත්ය.
එයට හේතුව පෞද්ගලක හේතුවක් බව ඔහු සඳහන් කළේය.
අප වැඩිදුරටත් විමසා සිටියදී ඔහු කියා සිටියේ තමාගේ පියාණන් වන වික්ටර් රත්නායක වෙනුවෙන් සිය සහෝදරයා සහ තමන් විශාල කැපකිරීම් රාශියක් කළ ඇති බවත්, නමුත් එයින් කිසිදු පළක් නොවු බවත්ය.
පසුගිය දිනක තමගේ මව සිහිකැඳවීම සඳහා දානමය පිංකමට පවා වික්ටර් රත්නායකයන් නොපැමිණි බවයි.
එයට හේතුව වී ඇත්තේ තමාගේ පියාව වෙනත් කාන්තාවක විසින් මුලාවට පත්කර ගනිමින් සිටින බවත්, එම කාන්තාවට අවශ්‍ය විදියට වික්ටර් රත්නායකයන් හැසිරෙන් බවත්ය.
මෙම ගැටලුව මීට අවුරුදු කිහිපයකට පෙර සිටම පැණනගිමින් තිබෙන බවත්, එය තමන් සහ තමන්ගේ සහෝදරයා ඉවසාගෙන සිටි බවත්, ඔහු  කියා සිටියේය.
කෙසේ වෙතත් සමාජයේ මිනිසුන් දකින වික්ටර් රත්නායකයන් සෑබෑ ජීවිතයේදී නොමැති බවත්, ඔහු දරුවන් කියන දේට පවා ඇහුම්කන් නොදෙන බවත් පැවසුවේය.
තමන් සහ තම සහෝදරයා වික්ටර් රත්නායකයන්ගේ ශ්‍රී නාමය රැක ගැනීමට කැප කිරීම් රාශීයක් සිදු කළද? තමන්ගේ පියා දරුවන් ගැන නොසිතා වැඩ කටයුතු කරන බවත් සඳහන් කළේය.
කෙසේ වෙතත් පසුගිය දා සිදුවූ සිදුවීමකදී තම පියාණන් තමාට දුරකථනයෙන් අමතා “ තාත්තා පුතාකම් ඉවරයි… මගේ මරණයටවත් ඉන්න එපා“ යනුවෙන් කියූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් ක‍ළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු විශාල අනාවරණ රාශියක් කළද… අප කළ යුත්තේ රටක් දන්නා පුද්ගලයෙකුගේ ප්‍රශ්න තවත් ඇති කරනවාට වඩා එය තවදුරටත් නිරවුල් වීමට ඉඩ හැරීමේ තත්ත්වයට ඉඩ හැරීම පමණි. එම නිසා අප දන්නා තවත් කරුණු මෙහි පළ නොකර සිටින්නෙමු.
කතෘ අයිතිය – ලංකාසීනිවුස්

Related posts

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් හදිසියේ නතර කළ හේතුව චීනයෙන් හෙළිකරයි

Shiran Viraj

“කොරෝනා සම්පූර්ණයෙන්ම තුරන් වන තත්ත්වයක් තවම නෑ”

Shiran Viraj

‘සිනොෆාම්’ ගැන ඇමරිකා වෛද්‍ය සංගම් අවසන් වාර්තාව මෙන්න.. අසාධ්‍යවීම 100%කින්, ආසාදනය 78%කින් වලකයි.. ප‍්‍රතිදේහ නිෂ්පාදනය 99%ක්..

Shiran Viraj