26.1 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNewsPolitical

රණවිරුවන්ට දඩුවම් දෙන්න කිසිඳු අවස්ථාවක ඉඩ දෙන්නේ නෑ

අතුරුදන්වූවන්ගේ පනත හරහා රණවිරුවන්ට දඩුවම් පැමිණවීමට කිසිඳු අවස්ථාවක කටයුතු නොකරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
යුද්ධය මුවාවෙන් වෙනත් වැරැදි සිදු කළ පුද්ගලයින්ට දඩුවම් ලබාදීම සිදු කරන අතර රණවිරුවන්ට දඩුවම් ලබාදීමට වත්මන් රජයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ද හිටපු ජනාධිපතිනිය සඳහන් කළේය.
දෙමළ ඩයස්පෝරාව ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බව හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කර ඇත.
යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ බව සඳහන් කළේය.
මේ අතර මෙම උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිනිය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ද මුණගැසී සාකච්ඡා කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

ඉන්දියාවට එරෙහි තරගයේ ක්‍රීඩකයන්ගේ කැපවීම මැතිව්ස් අගය කරයි

Shiran Viraj

IOC නිසා ceypetco ලබන පාඩුව හෙළි කරයි

Shiran Viraj

සේවක කප්පාදුවක්… පලාත් සභාවලින් 25%ක්.. ඇතැම් ආයතනවලින් 80%ක්..

Shiran Viraj
Translate »