30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News Political

යාපනයේ යටිතල පහසුකම් දියුණු කරන්න කැනඩාවෙන් ආධාර

යාපනය දිස්ත්‍රීක්කයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ආධාර සැපයීමට කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව තීරණය කර තිබේ.
ඒ අනුව එම ගිවිසුමට අත්සන් තැබීම ඊයේ(19) යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති බව වාර්තා වේ.
මෙම අවස්ථාව සඳහා ටොරෙන්ටෝ නගරාධිපති ජෝන් ටෝරි සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය  සී.වී විග්නේෂ්වරන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි බව සඳහන්වේ.
මේ හරහා යාපනය දිස්ත්‍රීක්කයේ ඉඩම් සංවර්ධනය අධ්‍යාපනය නගාසිටුවීම, සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ටොරොන්ටෝව ආධාර ලබා දෙනු ඇත.
අදාළ ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය  සී.වී විග්නේෂ්වරන් මහතා පවසා ඇත්තේ අත්සන් තබන ලද ගිවිසුමේ නිශ්චිත ආධාර මුදල් ප්‍රමාණයක් සඳහන් කර නොමැති බවය.
සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණය ඉදිරියේදී තිරණය කරන බව ද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

රජ මාලිගාවේ දිනපතා කොරෝනා පරීක්‍ෂණ…

Shiran Viraj

ලෝකයම එපා කියන ලංවිමට නැතිවම බැරි ගල් අගුරු බලාගාර – ඇත්ත කතාව මෙන්න

Shiran Viraj

Corona : අවසන් පැය 24ට රෝගීන් 02යි.. 104ක් රෝහල්වල… සැක සහිත 173යි.

Shiran Viraj