27.2 C
Colombo
2026-09-15
mediahumanrights.lk
NewsSportsSports News

මොහොමඞ් ඉර්ෆාන්ට වසරක තරග තහනමක්

පකිස්තානු වේග පන්දු යවන ක‍්‍රීඩක මොහොමඞ් ඉර්ෆාන්ට වසරක තරග තහනමක් පනවා තිබෙනවා.
පකිස්තානු සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දී තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තහනම පැනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තරග පාවාදීම සදහා ලැබුණු ආරාධනයක් පිළිබද දූෂණ මර්දන නිලධාරීන් දැනුවත් නොකිරීම හේතුවෙන් මොහොමඞ් ඉර්ෆාන්ට මෙම තරග තහනම පනවා තිබෙනවා.
ඔහු මේ දක්වා ටෙස්ට් තරග 04කදීත් එක්දින තරග 60කදී සහ පන්දුවාර විස්ස තරග විස්සකදී පකිස්තානු කණ්ඩායම නියෝජනය කළා.
මොහොමඞ් ඉර්ෆාන් සැලකෙන්නේ වත්මන් ක‍්‍රිකට් පිටියේ සිටින උසින් වැඩිම ක‍්‍රීඩකයා ලෙසයි.
(under the courtesy of nethfm news web)

Related posts

රාජපක්‍ෂ පවුල මෙතනින් ඉවරයි..- මුරුත්තෙට්ටුවේ හිමි

Shiran Viraj

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගියොත් වෙන දේවල් මෙන්න

Shiran Viraj

‘සාගතයේ අරගලය’ විරෝධතා…

Shiran Viraj
Translate »