28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

මාදනීට එකම චිත්‍රපටයේ චරිත එකොළහක්‌…

මාදනීව ප්‍රේක්‌ෂකාගාරය හඳුනාගනු ලබන්නේ වේදිකාවෙන්. ඉන් ඉක්‌බිතිව සිනමාව හා ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය ද දිනාගනු ලබන ඇය අද අපට සිටින වටිනාම රංගන ශිල්පිනියෙක්‌. සිහිනයෙන් මෙපිට සැබෑව තුළ සැරිසරමින් මහපොළව මත පය ගසා සිටින ගැහැණුන්ගේ චරිත පිළිබඳ පිපාසාවෙන් පෙළෙන මේ අපූරු ශිල්පිනිsය හා කතාබහට ආසන්නම හේතු සපයන්නේ මේ දිනවල පුංචි තිරයේ පැහැසරා තුළින් ඇයව අපට නිතර දකින්නට ලැබීමයි. මේ අලූත්ම චරිතය විමසීමෙන් පසු අපට මාධනී සමගින් බෙදා ගන්නට තවත් බොහෝ දේ පැවතුණා.
මාදනි කාලෙකට පස්‌සේ පුංචි තිරයට පිවිසෙන්නේ ?
නැහැ. ටෙලිනාට්‍ය බොහොමයකට සම්බන්ධ වුණා. ඒ අතරින් ඉක්‌මනින්ම විකාශය ඇරඹුණේ පැහැසරා ටෙලි නාට්‍යයි.
සාමාන්‍යයෙන් මෙගා රැල්ලේ ටෙලි නාට්‍යවලට මාදනීගේ සහභාගීත්ව දුලබයි නේද ?
ඇත්තටම මෙය මෙගා නාට්‍ය රැල්ලේ වෙනස්‌ ස්‌වරූපයක්‌ ගත්ත ටෙලි නාට්‍යක්‌ විදිහටයි මම දකින්නෙ.
පසුගිය කාලයේ ඔබ ටෙලි නාට්‍ය රැසකටම දායකත්වය ලබාදෙන්නේ තෝරාගැනීමකින් තොරවමද ?
මම වේදිකාවෙ වගේම ටෙලිනාට්‍යවලදිත් යම්කිසි තෝරාගැනීමක්‌ කරනවා. හැමවිටම මාදනී නොවී වෙනස්‌ කෙනෙක්‌ වෙන්න ලැබෙන චරිත තෝරාගනිමින් චරිතාංග නිළියක්‌ විදිහට ඉන්නයි මම කැමති.
මේ තෝරාගැනීම නිසා ඔබ අතැර දමන දෑ බොහොමයිද ?
මට සාමාන්‍ය චරිතවලට කතාකරන්නෙ නැහැ. ගොඩක්‌ අධ්‍යක්‌ෂවරු මගේ රංගන පරාසය හඳුනනවා. ඒ නිසා ඔනෑම කෙනකුට කරන්න පුළුවන් විදිහේ චරිතවලට කතාකරන්නේම නැහැ. ඒ ගැන සතුටුයි.
මේ දවස්‌වල වේදිකාවේ ඔබේ දායකත්වය ගැන පවසනවා නම් ?
ආර් ආර්. සමරකෝන්ගේ කැලණි පාලම, මනමාලයා වෙඩි තියනෝ, දයානන්ද ගුණවර්ධනයන්නේ මධුර ජවනිකා නාට්‍ය සමඟ රැඳෙන්නේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක්‌ සමග.
සිනමාව සමගත් මාදනී සුවිශේෂ සබැඳියාවක්‌ පවත්වනවා නේද ?
කීර්ති කේ. රත්නායකගේ මං විතරයි. සුජීව ගුණරත්නගේ කාල සහ උදයකාන්ත වර්ණසූරියගේ මධුර චාරිකා යන සිනමාපට තුළින් ඉදිරියේ ප්‍රේක්‍ෂකයන් හමුවට එන්න බලාපොරොත්තු වෙනවා.
ඔබේ සැමියා නිර්මාණය කළ ඔබ ප්‍රධාන චරිතයක්‌ වූ නිර්මාණය ගැන පවසනවා නම්?
ඒක තමයි මං විතරයි චිත්‍රපටය. කීර්තිගේ පළමු නිර්මාණය. මම එහි චරිත එකොළහක්‌ම රඟපානවා. මෙය වෙනස්‌ම විදිහේ චිත්‍රපටයක්‌. මම වැඩි විස්‌තර ඒ පිළිබඳ කියන්න යන්නේ නැහැ අපි ප්‍රේක්‌ෂකයන්ට ඉඩ දෙමු.
කලාවෙන් බැහැර වූ කල මාදනී මල්වත්ත කියන්නෙ මොන වගේ කෙනෙක්‌ද ?
මාදනී කියන්නෙ ගොඩක්‌ දේවල් ඉගෙන ගන්න කැමැති කෙනෙක්‌. විවිධ පැතිකඩ හරහා රංගනය අත්හදා බලන්න කැමැතියි. එතැනින් එහාට මාදනී කියන්නෙ ගොඩක්‌ ඉවසන කෙනෙක්‌. එදිනෙදා ජීවන ප්‍රශ්නවලට ඉවසීමෙන් කාලයට ඉඩදීල බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක්‌.
මෑත කාලයේ රූපවාහිනී මාධ්‍ය තුළ ජනප්‍රිය වූ නළු නිළියන් සහභාගි වන රියෑලිටි වැඩසටහන්වල ඔබව දකින්න නොලැබෙන්නේ ඇයි ?
ඇත්තටම කියනවා නම් මම ගොඩනඟාගත්ත තැන නැතිකර ගන්න මම කැමැති නැහැ. ඒ නිසා හචා බචා දේවල්වලට යන්න මම කැමැති නැහැ. ඒත් බොහොම ගරු ගාම්භීර විදිහට දෙයක්‌ කෙරෙනවා නම් මාදනී පැහැදිලිවම ඒවාට ඉදිරිපත් වෙනවා
සම්මාන සහ ඇගයීම් පිළිබඳ මාධනීගේ මතය උදාසීනයිද ?
වේදිකාවේ සහ ටෙලි නාට්‍යවල මම විශ්වාසයෙන් කළ ඇගයීමට ලක්‌විය යුතු තැන් මඟහැරුණා. ඒ ගැන මම පසුතැවෙන්නෙ නැහැ .
අද කලාව තුළ කල්ලිගැසීම් හා දේශපාලන මතවාදයන් නිසා ඇතැමුන්ට හිමිවිය යුතු ඇගයීම් පවා අහිමි වෙලා නේද ?
එහෙම තැන් තියෙනවා. ඒ ගැන මම ප්‍රසිද්ධියේ කතාකරන්නෙ නැහැ. කලාකරුවකුට යම්කිසි පෞද්ගලික දේශපාලනයක්‌ තියෙන්න ඕනෑ. එය පොදු බවට පත් වෙන්න උවමනා නැහැ කියලා මම හිතනවා.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

කැවල්රි සුපර්ක්‍රොස් ඇරඹෙයි

Shiran Viraj

පාසල් සිසුන්ට තොරතුරු තාක්ෂණික විෂය අනිවාර්යය කිරීමට පියවර

Shiran Viraj

පොලිසියේ අලුත් පොකුරක්- අජිත් රෝහණ : නිලධාරිණියන් 235ක් නිරෝධායනයට

Shiran Viraj