30.6 C
Colombo
2026-08-20
mediahumanrights.lk
News

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ජය ශ්‍රී ලංකාවට – රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්

බංග්ලාදේශයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 259ක විශිෂ්ට ජයක් හිමිවිය.
ලකුණු 457ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට සියලු දෙනා දැවී දෙවන ඉනිමේදි ලබාගත හැකි වූයේ ලකුණු 197ක් පමණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් බංග්ලාදේශ දෙවන ඉනිමේදී කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.
මේ අතර සිය 363 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගත් විශිෂ්ට දඟ පන්දු රංගන හේරත් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් වමත් දඟ පන්දු යවන්නා බවට අද පත්විය.
නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ ඩැනියෙල් විටෝරි මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණි. ඔහු ලබාගත් කඩුලු ගණන 362කි. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 494ක් ලබා ගත්තේය. එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ලකුණු 194ක් ලබා ගත්තේය. බංග්ලාදේශයට සිය පළමු ඉනිම සඳහා ලබාගත හැකි වූයේ ලකුණු 312ක් පමණි.
සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සිය ඉනිම අත්හිටුවන විට කඩුලු 6ක් දැවී ලකුණු 274ක් ලබා සිටියේය.
එහිදී උපුල් තරංග ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

Related posts

ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රිය

Shiran Viraj

කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..

Shiran Viraj

O/L විභාගය අවසන් වූ වහාම උසස් පෙල අරඹයි.. මෙවර අසමතුන් නෑ…

Shiran Viraj
Translate »