26.1 C
Colombo
2026-09-18
mediahumanrights.lk
Local NewsNews

පොලීසිය නිසා නවතම වාර්තාවකින් කොළඹට හොඳ තැනක්

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට කොළඹ නගරය මේ වනවිට අසීරු ස්ථානයක් බවට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.
UNODC නවතම වාර්තාවේ මෙය සඳහන් වන බවයි ඔහු සඳහන් කළේ.
දිගින් දිගටම සිදු කෙරෙන සාර්ථක වැටලීම් ඊට එක් හේතුවක් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සදහන් කළේ.
ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ දී ඉකුත්දා හෙරොයින් කිලෝග‍්‍රෑම් 13ක් පොලිස් භාරයට ගැණුනා.
එහි වටිනාකම රුපියල් කෝටි 16කට ආසන්නයි.
සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු ඇතුළු පස් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය සමත් වී සිටිනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ගේ දේපල මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජ සන්තක කිරීමට ද කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.

Related posts

බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂයට බහුතරය අහිමිවන ලකුණු

Shiran Viraj

කැටගොඩ ඉල්ලා අස්වී බැසිල් පාර්ලිමේන්තුවට..? ප‍්‍රබල ඇමති කමකුත්..?

Shiran Viraj

කුමන රටක ජිවත් වුවත් අපගේ සංවේදීතාවන් සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ රජය නොවේ – කුමාර් සංගක්කාර

Shiran Viraj
Translate »