mediahumanrights.lk
Local NewsNews

ඩෙංගු මඬින්න හදිසි වෛද්‍ය විහිදුම් බළකායක්

ඩෙංගු මර්දන කටයුතු සඳහා වෛද්‍යවරුන් 50කින් යුක්ත හදිසි වෛද්‍ය විහිදුම් බළකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මේ බළකායට ඇතුළත් වීමට කැමැත්තක් දක්වන වෛද්‍යවරුන්ට අයදුම්පත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කළ හැකි බවත් ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දැනුවත් කිරීමක් සිදු කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මීගමුව විශේෂ ඩෙංගු ඒකකයේ දී විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත අදාළ වෛද්‍ය කණ්ඩායමට මාසයක පුහුණුවක් ලබාදීමට නියමිත ය.
මේ බළකාය සඳහා ලබාදිය යුතු පුහුණුව ලබන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අදාළ පුහුණුවෙන් පසුව මේ වෛද්‍ය කණ්ඩායම ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැතිර යන ඩෙංගු රෝග පාලනය සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවැසුවේය.
පුහුණුවට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන බවද ඔහු කීය.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීමේ ඉහළ යාමක් පවතින බවත් මේ වන විට රට පුරා ප්‍රදේශවලින් රෝගීන් 24,500 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඩෙංගු රෝගීන්ගෙන් සියයට 40කට වැඩි සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර මදුරුවන් බෝ වීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම මඟින් රෝගීන් වාර්තාවීම අවම කර ගත හැකි ය.
උණ රෝගය වැළඳී දින දෙකකට වඩා රෝගය පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

මුරුත්තෙට්ටු හිමි නෙරපන්න.. මහා ශිෂ්‍ය සංගමය ජනපතිට දන්වයි..

Shiran Viraj

තවත් උසස් පෙළ විභාග වංචාකරුවෙක් මාට්ටු

Shiran Viraj

අරක්කු නැතිව තවත් උහුලන්න බෑ.. මත්පැන් හලක් බිද ලක්‍ෂ 05ක අරක්කු හොරා ගනී..

Shiran Viraj
Translate »