32.2 C
Colombo
2026-09-10
mediahumanrights.lk
International NewsLocal NewsNewsPolitical

ජනපති අද ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අමතයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අද(7) දිනයේ ඇමතීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.00ට පමණ ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යන්ගේ තිරසාර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ඉන්දියානු සාගර කලාපීය රටවල සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව ඉන්දුනීසියාවේ ජකර්තාහිදි අද(7) ආරම්භ වේ.
ඉන්දියානු සාගරය සාමකාමී ස්ථාවාර හා සෞභාග්‍යමත් කලාපයක් බවට පත් කිරීම සඳහා සමුද්‍රීය සහයෝගීතාවය ශක්තිමත් කිරීම යන්න මෙවර රාජ්‍ය නායක සමුළුවේ තේමාව වේ.
සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය විශේෂ දේශනය පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම සංචාරය තුළ දී ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ධීවර හා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය පිළිබද ගිවිසුම් දෙකකට ද අත්සන් කිරීමට නියමිතය.
මේ අතර ඊයේ(6) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් හමුවිය.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ රජය පිළිබඳ දේශපාලන ප්‍රතිවාදීන් ඇතැම් වෙබ් අඩවි සහ මාධ්‍ය ඔස්සේ විවිධ වැරදි ප්‍රචාරයන් ගෙන යන අතර එම අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස තමා සියලු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවය.

Related posts

පෞද්ගලික රෝහලක් PCR ජාවාරමක.. පොසිටිවු වාර්තා විනාශ කරලා.. ජනපති නියෝගයෙන් පරීක්‍ෂණ…

Shiran Viraj

"අපි තනිවම ආණ්ඩුවක් ගොඩනගනවා – අපෙන් ගිය අය ගන්නේ නෑ" – චමල්

Shiran Viraj

සංචාරය අවලංගු කිරීම ගැන රැජිනිකාන්ත් ලිපියක් එවයි

Shiran Viraj
Translate »