30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
LIFE LIFE NEWS

කොඩ්ලිවර් තෙල් භාවිතයෙන් තරුණ බව ඇතිවේ

පරම්පරා ගණනාවක්‌ හොඳින් හඳුනන කොඩ්ලිවර් ඔයිල් නීරෝගි පැවැත්මට අවශ්‍ය බොහෝ ප්‍රතිලාභ ලබා දෙන පෝෂක අතිරේකයකි. එය වෛද්‍ය ප්‍රතිකාර සඳහා 1789 වසරේ පළමු වරට භාවිතා කළ බව වාර්තා කර ඇති අතර එංගලන්තයේ Manchester රෝහලේ වෛද්‍ය ඩාර්බ් විසින් රුමටික්‌ ප්‍රතිකාර සඳහා යොදාගත් බව සඳහන් වේ. 1930 වන විට කොඩ්ලිවර් ඔයිල් චිකිත්සක ප්‍රතිකාර සඳහා භාවිතා කර ඇති අතර එය රිකට්‌ස්‌ වැනි අස්‌ථි රෝග හටගැනීම අවම කිරීමට දරුවන්ට දිනපතා පෝෂක අතිරේකයක්‌ ලෙස ද ලබා දී ඇත.
ස්‌වභාව ධර්මයාගෙන් ලැබෙන මහඟු පෝෂක අතිරේකයක්‌ වන කොඩ්ලිවර් ඔයිල්වලින් ලැබෙන ප්‍රතිලාභ නිසා චිකිත්සක ප්‍රතිකාර සඳහා එය නිර්දේශ කරනු ලැබේ. කොඩ්ලිවර් ඔයිල් සම්බන්ධව වසර ගනනාවක්‌ පුරා සිදු කරන ලද අධ්‍යනයන්වලට අනුව මොළයේ නිසි ක්‍රියාකාරිත්වයට හා මනා ඇස්‌ පෙනීම සඳහා එය උපකාරී වන බව වාර්තා කර ඇත. එමෙන්ම ආතරයිටිස්‌, හා අස්‌ථි රෝග වැනි දිගුකාලීන රෝග තත්ත්වයන්වලදී හටගන්නා ප්‍රදාහය හා වේදනාව අවම කිරීමට ද හැකි බව සමීක්‌ෂණ වාර්තා පෙන්වා දී ඇත. බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා දෙන කොඩ්ලිවර් ඔයිල් සිරුරේ සුන්දරත්වය හා තාරුණ්‍ය රැක දීමට දායක වේ.
නිරෝගී ප්‍රතිශක්‌තිකරණ පද්ධතියක්‌ –
ඔමේගා-3, විටමින් A A හා D අන්තර්ගත සවභාවික කොඩ්ලිවර් ඔයිල් අපගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ශක්‌තිමත් කිරීමට දායකවේ. දිනපතා කොඩ්ලිවර් ඔයිල් කරලක්‌ ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව හා ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදනවලට එරෙහිව ක්‍රියා කරමින් ශක්‌තිමත් ප්‍රතිශක්‌තිකරණ පද්ධතියක්‌ද ලබා දෙයි.
නිරෝගි සන්ධි හා ශක්‌තිමත් අස්‌ථි පද්ධතියක්‌ –
කොඩ්ලිවර් ඔයිල් නිරෝගි සන්ධි හා ශක්‌තිමත් අස්‌ථි පද්ධතියක්‌ පවත්වාගෙන යැම සඳහා ද උපකාරී වන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. කාඩිµa විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණකට අනුව ඔස්‌ටියෝ ආතරයිටිස්‌ නිසා ඇතිවන කාටිලේජ ගෙවීම හා වේදනාව අවම කිරීමට කොඩ්ලිවර් ඔයිල් උපකාරී වන බව තහවුරු කර ඇත. දිනපතා කොඩ්ලිවර් ඔයිල් කරලක්‌ ලබා ගැනීම තුළින් ආතරයිටීස්‌ රෝගය සඳහා භාවිතා කරන වේදනා නාශක පෙති භාවිතය අවම කිරීමට හැකියාව ලැබෙන අතර වේදනා නාශක (NSAIDS) නිසා හටගන්නා ගැස්‌ට්‍රයිටිස්‌ වැනි තත්වයන් ද එමගින් අවම කරගත හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. කොඩ්ලිවර් ඔයිල් හි අන්තර්ගත විටමින් D සිරුරට අවශ්‍ය කැල්සියම් අවශෝෂණය කරන අතර රුධිරයේ ඇති පොස්‌පරස්‌ නිසි මට්‌ටමට පවත්වාගෙන යැමට ද දායක වන බව පර්යේෂණවලින් තහවුරු කර ඇත. එමෙන්ම අස්‌ථි වර්ධනයට මෙන්ම ඒවා නීරෝගිව පවත්වාගෙන යැමට ද කොඩ්ලිවර් ඔයිල් උපකාරී වේ. ළමා වියේදී විටමින් D ඌණතාවය නිසා හටගන්නා අස්‌ථි විකෘතිතා හෙවත් රිකට්‌ස්‌ වැනි රෝග හට ගැනීම අවම කිරීමට මෙන්ම නව යොවුන් වියේදී ශරීර වර්ධනයට බාධා වීම, මාංශ පේශි වේදනාව හා ශාරීරික දුර්වලතා කොඩ්ලිවර් ඔයිල් නිසි මාත්‍රාවට දිනපතා ගැනීමෙන් මගහරවා ගත හැකිය.
තාරුණය රැකදීම –
බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා දෙන කොඩ්ලිවර් ඔයිල් පිළිබඳව සිදුකරන ලද අධ්‍යනයන්ට අනුව එය වියපත්වීම ප්‍රමාද කරමින් තාරුණ්‍ය රැකදීමට ද දායක වන බව තහවුරු කර ඇත. පැහැපත් සමක්‌, නිරෝගී කෙස්‌ කළඹක්‌ මෙන්ම ශක්‌තිමත් නිය හා දත් දෙපෙළක්‌ ලබා දී සිරුරේ තාරුණ්‍ය හා සුන්දරත්වය ආරක්‌ෂා කිරීමටද කොඩ්ලිවර් ඔයිල් උපකාරී වේ.
මොළයේ ක්‍රියාකාරිත්වයට හා මනා දෘෂ්ඨියක්‌ සඳහා –
ළමා හා වියපත් සමයේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමේ කාර්යභාරයක්‌ කොඩ්ලිවර් ඔයිල්වලින් සිදුවන බව පර්යේෂණ වාර්තා සඳහන් කර ඇත. වසර ගණනාවක්‌ පුරා සිදුකරන ලද අධ්‍යනයන්ට අනුව කොඩ්ලිවර් ඔයිල් මනා පෙනීම පවත්වා ගැනීමට මෙන්ම ඇසේ නිරෝගීභාවය ආරක්‌ෂා කරන බවද පෙන්වාදී ඇත.
නිරෝගි හා ක්‍රියාශීලී ජීවිතයක්‌ සඳහා බෙහෙවින් දායක වන කොඩ්ලිවර් ඔයිල් සවභාව ධර්මයාගෙන් ලැබුණ මහඟු දායාදයක්‌ වන අතර මේ වන විට පරම්පරා ගණනාවක්‌ මහත් විශ්වාසයෙන් යුතුව භාවිතා කරන පෝෂක අතිරේකයකි.

Related posts

දෛනික ව්‍යායාමයන් නතර කිරීමෙන් "ඩිප්‍රෙෂන්" තත්ත්වය නරක අතට

Shiran Viraj

රසට නොදෙවනි විශ්මිත ගුණ දෙන බෙලි

Shiran Viraj

හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

Shiran Viraj