mediahumanrights.lk
Local NewsNews

ඊයේ රාත්‍රියේ තද සුළඟක් – නිවාස 21 කට හානි

නුවරඑළිය, නානුඔය ප‍්‍රදේශය හරහා ඊයේ (15) රාති‍්‍රයේ හමාගිය තද සුළගකින් වතු නිවාස 21 කට අර්ධ හානි සිදුව තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අදාළ නිවාසවල වහලවල් සුළගට විනාශ වී ගොස් ඇති බවයි.
කෙසේවෙතත් ඒවා ප‍්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
මේ අතර අද (16) දිනයේ සිට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ අඩුවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Related posts

දහස් ගණන මැරී වැටේවි.. රට භයානක ඛේදවාචකයක් කරා..- ප‍්‍රකට වෛරසවේදී මහාචාර්ය තිස්ස විතාරන

Shiran Viraj

සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොරෝනා වෛරසය පාලනය අඛණ්ඩව ක්‍රියාත්මකයි

Shiran Viraj

රට වහනවා නම් අඩු ආදායම් ආහාර මල්ලක් ලබාදිය යුතුයි…

Shiran Viraj
Translate »