28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Sports Sports News

අසේල ගුණරත්නට සාජන්ට් මේජර් ලෙස හමුදා උසස්වීමක්

පසුගියදා නිමාවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී විස්සයි -20 ක්‍රිකට් තරගාවලියේ වීරයා වූ අසේල ගුණරත්නට ශ්‍රී ලංකා යුද හමුදාවේ සාජන්ට් මේජර් තනතුර දක්වා උසස් වීමක් පිරිනමා ඇත.

අද (1) පෙරවරුවේ පනාගොඩ යුද හමුදා කඳවුරේදී පැවැත්වෙන චාම් උත්සවයකදී අසේල ගුණරත්නට සාජන්ට් මේජර් තනතුර පැලඳවීමට නියමිත අතර අසේල සාමාන්‍ය සෙබළ තනතුර සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට බැඳී ඇත්තේ 2007 වසරේදීය.
එතැන් සිට මේ දක්වා වසර 10ක පමණ කාලයක් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අසේල පසුගිය වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයේදී ටෙස්ට් වරම් හිමි කර ගත්තේය. එම තරග සංචාරයෙන් පසුව අසේල සාජන්ට් තනතුර දක්වා උසස්වීමක් ලැබූ අතර ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළ ඔහු දක්වන දස්කම්වලට ඇගයීමක් වශයෙන් සාජන්ට් මේජර් තනතුර දක්වා උසස් වීමක් ලබා දීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කිරීම විශේෂත්වයකි.

Related posts

2020 දී පැල්පත්වාසීන් වෙනුවෙන් නිවාස 25,000 ක්

Shiran Viraj

ගයන්තගේ නමින් කෙසෙල් ගෙඩි බෙදූ තරුණයා CIDයට එයි

Shiran Viraj

ලොව පුරා කොවිඩ් මරණ එක් ලක්ෂ 20000ට ළංවෙයි

Shiran Viraj