26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

හමුදාවෙන් පැනගිය 42,000ක්‌ සොයා මෙහෙයුම්

පොදු සමා කාලයේදී භාර නොවූ පැනගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 614 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් 42,000 ක්‌ සොයා පොලිස්‌ හා හමුදා මෙහෙයුම් අරඹා ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා “දිවයින”ට පැවැසීය.
පොදු සමා කාලය දෙසැම්බර් 31 දායින් අවසන් වූ අතර එම කාලයේ භාර නොවී දැනට අත්අඩංගුවට පත්වූවන් අතර යුද හමුදා සාමාජිකයන් 794 ක්‌ද, නාවික හමුදා සාමාජිකයන් 206ක්‌ද, ගුවන් හමුදා සාමාජිකයන් 14 ක්‌ද වන බව වාර්තා වේ.
භාරනොවූ ආරක්‌ෂක හමුදා සාමාජිකයන් සම්බන්ධ සියලු තොරතුරු පොලිසියට මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවටද ලබාදී තිබෙන බවත් මේ නිසා පැනගිය කිසිදු හමුදා සාමාජිකයකුට රටින් පිටවිය නොහැකි බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

Related posts

නාරාහේන්පිට දාබරේ මාවත හුදකලා වෙයි

Shiran Viraj

Facebook භාවිත කිරීම හරහා ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස ඉහළ යයි

Shiran Viraj

කොළඹ අවට 130ක් අතුරුදන්

Shiran Viraj
Translate »