mediahumanrights.lk
Local NewsNews

පේසාලෙන් හමුවූ මැලේරියා මදුරුවා පාලනය කෙරේ

මන්නාරම – පේසාලේ ප්‍රදේශයේ ළිඳකින් හමුවූ මැලේරියා රෝගය බෝකරන ඇනෝපිලික්ස් ස්ටීවන්සයි නැමැති නව මදුරු විශේෂය ව්‍යාප්තවීම පාලනය කර ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසනවා.
එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මන්නාරම දූපතෙන් පිටතට මැලේරියා මදුරුවා ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගත හැකි සියලූම ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බවයි.
පසුගිය ජනවාරි මාසයේදී පේසාලේ ප්‍රදේශයේ ළිඳකින් හමුවූ මෙම මදුරු විශේෂය ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති බවට පසුව අනාවරණය වුණා.
කෙසේ වෙතත් මෙම විශේෂයට අයත් මදුරු කීටයන් පසුගියදා කොළඹට රැගෙනවිත් විශේෂ පරීක්ෂාවකටද ලක්කර තිබෙනවා.
මෙම නව මදුරු විශේෂය පාලනය කිරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය සදහා මන්නාරම ප්‍රදේශයේ තාවකාලික පරීක්ෂණාගාරයක්ද ඉදිකර තිබුණා.

Related posts

රූ රැජින කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා පොලිසි යයි.. මාධ්‍ය හමුවක් කැදවයි..

Shiran Viraj

ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයි

Shiran Viraj

විශේෂඥ වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වේ

Shiran Viraj
Translate »