26.1 C
Colombo
2026-10-02
mediahumanrights.lk
Local NewsNews

පාසල් යන්න බැහැයි කී සිසුවාට යන්නයි බලකළ පසුව ගෙල වැල ලා ගෙන

රඹුක්කන ගබ්බල ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙක් පෙරේදා (15දා) පාසල් යන බව පවසා රඹුක්කන පොහොර ඔය අසල තිබූ වැලක ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ. මිය ගොස් ඇති ශිෂ්‍යයාගේ පියා විශ්‍රාම ලැබූ යුද හමුදා නිලධාරියෙකි. මෙම ශිෂ්‍යයාගේ නිවෙස අසල ඉකුත් 14දා අවමංගල්‍ය උත්සවයක් පැවැති අතර එදින මෙම ශිෂ්‍යයා අසල්වැසි නිවෙසේ වු මළගෙදර නිසා පාසල් ගොස් නැත. පෙරේදා (15දා) යළි මෙම ශිෂ්‍යයා පියාට ප්‍රකාශ කර ඇත්තේ අද දිනත් මළ ගෙදර නිසා පාසල් නොයන බවයි. පසුව පියා දිනක් මළ ගෙදර සිටි නිසා අද දින පාසල් යන ලෙස දරුවාට දන්වා ඇත. පසුව පාසලට යෑමට බස් රථය නැති බව පවසා ආපසු නිවෙසට පැමිණ ඇත.
පසුව පියා යළි රුපියල් සියයක් දී පාසල් යන ලෙස දන්වා නිවෙසින් පිටත් කර යවා ඇත. පාසල් සපත්තු යුගලය නිවසේ දමා පොත් ටික වෙනුවට සාමාන්‍ය ඇඳුම් කිහිපයක් රැගෙන ඔහු පාසල් නිල ඇඳුමෙන්ම නිවෙසින් පිටත්ව ගොස් ඇත. පෙරේදා (15දා) සවස 2.30ට පමණ ප්‍රදේශයේ පිරිමි ළමයි කිහිප දෙනකු පොහොර ඔයේ ඉස්සන් ඇල්ලීමට ගිය අවස්ථාවේදී ශිෂ්‍යයා බඳ පටියකින් ගෙල වැලලාගෙන සිටිනු දැක තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කුරුණෑගල නිශ්ශංක මහා විද්‍යාලයේ 11 සී පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටි වල්පොල, ගබ්බල, කොටවැල්ල, රඹුක්කන පදිංචිව සිටි අසිත මධුසංක ගෙදරකුඹුර නමැති 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි.
මෙම සිසුවා දිවි හානි කරගෙන ඇත්තේ පාසල් යාමට පැවති අකමැත්ත නිසාද වෙනත් හේතුවක් නිසාද යන්න ගැන පරීක්ෂණ පැවැත්වේ.
– ගොසිප් ලංකා News
 

Related posts

කලාකරුවන්ගේ පවුල් අවුල් ප්‍රසිද්ධ වෙන්නේ මේ නිසයි

Shiran Viraj

2025 දෙසැම්බර් මාසයේ කොළඹ පාරිභෝගික උද්ධමනය 2.1% ක් ලෙස ස්ථාවරව පවතී

Shiran Viraj

Corona : එක් දිනක වැඩිම සුව වීම අදයි.. 15ක් එකවර සුව වී ගෙදර යයි..

Shiran Viraj
Translate »