28.9 C
Colombo
2026-09-09
mediahumanrights.lk
International NewsNews

පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 72ක් ජීවිතක්ෂයට

පකිස්ථානයේ සින්ද් පළාතේ සෙවාන් නම් නගරයේ මහත් ප්‍රසිද්ධියක් දරණ සුෆි පුදබිමට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රාහාරයක් එල්ල වී තිබේ. 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් බැතිමතුන් 72කු පමණ මිය ගොස් ඇති බව ය. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සින්ද් පළාතේ පිහිටි සුෆි පුදබිම තුළ බැතිමතුන්ගෙන් පිරී තිබිණි. ප්‍රහාරය එල්ලවෙත්ම එහි සිටි පුද්ගලයින් කලබල වී දිව යද්දී පයට පෑගී කිහිප දෙනෙකු මිය ගිය බවට ද අනාවරණය වේ.
ප්‍රහාරයෙන් තව ත් පුද්ගලයින් 250 දෙනෙකු පමණ අවම වශයෙන් තුවාල ලබා ඇති අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රෝහල් පහසුකම් ප්‍රදේශය තුළ නොමැති හෙයින් වෛද්‍යවරු දැඩි අපහසුතාවකට පත්ව සිටිති. මේ අතර පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් මෙම ප්‍රහාරය හෙළා දැක තිබේ. මරණයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් වැඩිවීමේ හැකියාව පවතින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ය.
 

Related posts

සීල් තියපු ගබඩාවට රිංගපු අධිකරණයටත් උඩින් ගිය ව්‍යාපාරිකයා

Shiran Viraj

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලොකු පුටුවකට මොහොමඩ් ඕමාර් පත් කරලා – සේවකයන්ගෙන් ප්‍රබල විරෝධතාවයක්!

Shiran Viraj

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ වැටුප පුණ්‍ය කටයුතුවලට

Shiran Viraj
Translate »