mediahumanrights.lk
News Sports Sports News

ශ්‍රී ලංකා 20/20 සංචිතය කොටස්‌ වශයෙන් ඔස්‌ටේ්‍රලියාවට

ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර තරග 3 කින් සමන්විත 20/20 ක්‍රිකට්‌ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්‌ඩායම මේ වන විට ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව ගොස්‌ තිබේ.
කණ්‌ඩායම් නායක උපුල් තරංග ඇතුළු 20/20 සංචිතයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්‌ දකුණු අප්‍රිකාවේ සිට ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව ගිය අතර ලසිත් මාලිංග, සීකුගේ ප්‍රසන්න, චාමර කපුගෙදර සහ දිල්ශාන් මුණවීර ඇතුළු ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවේ සිට ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව ගොස්‌ ඇත.
තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගී වන පළමු 20/20 පුහුණු තරගය 15 දා පැවැත්වීමට නියමිතය.
අනතුරුව 17 වැනිදා දෙරට අතර පළමු තරගය මෙල්බර්න් හිදී ආරම්භ වන අතර දෙවැනි තරගය 19 වැනිදා වික්‌ටෝරියාහිදිත්, තෙවැනි තරගය 22 වැනිදා ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.

Related posts

දුරකතන ආනයනය තහනමට සූදානම්…

Shiran Viraj

වසරකට පසු ගෝටාභය කට අරී.. Channel4 චෝදනාවට ප‍්‍රතිචාරය මෙන්න..

Shiran Viraj

රත්නපුර, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 10කට හානි

Shiran Viraj