30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා 20/20 සංචිතය කොටස්‌ වශයෙන් ඔස්‌ටේ්‍රලියාවට

ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර තරග 3 කින් සමන්විත 20/20 ක්‍රිකට්‌ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්‌ඩායම මේ වන විට ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව ගොස්‌ තිබේ.
කණ්‌ඩායම් නායක උපුල් තරංග ඇතුළු 20/20 සංචිතයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්‌ දකුණු අප්‍රිකාවේ සිට ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව ගිය අතර ලසිත් මාලිංග, සීකුගේ ප්‍රසන්න, චාමර කපුගෙදර සහ දිල්ශාන් මුණවීර ඇතුළු ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවේ සිට ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව ගොස්‌ ඇත.
තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගී වන පළමු 20/20 පුහුණු තරගය 15 දා පැවැත්වීමට නියමිතය.
අනතුරුව 17 වැනිදා දෙරට අතර පළමු තරගය මෙල්බර්න් හිදී ආරම්භ වන අතර දෙවැනි තරගය 19 වැනිදා වික්‌ටෝරියාහිදිත්, තෙවැනි තරගය 22 වැනිදා ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.

Related posts

ලක්ෂ 21කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 2ක් අල්ලයි

Shiran Viraj

විදුලි කප්පාදු වූවන්ට සහන රැසක්…

Shiran Viraj

මොකා දින්නත් කරන්න වෙන්නෑ.. අපි ගිනි තියනවා.. තොපි ඉවර කරනවා..

Shiran Viraj
Translate »