28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNewsSportsSports News

ලසිත් මාලිංග අද පිටියට


ශ්‍රී ලංකාවෙන් බිහිවූ ප්‍රබලතම වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග ආබාධය සුවවී වසරකට වැඩි කාලයකට පසුව අද(15) ශ්‍රී ලංකා විස්සයි20 පිල නියෝජනය කිරීමට සූදානමින් සිටියි. ඕස්ටේ්‍රලියානු අගමැතිවරයාගේ පිලට එරෙහිව ඕස්ටේ්‍රලියාවේ අගනුවර වන කැන්බරාහිදී අද පැවැත්වෙන විස්සයි20 පුහුණු තරගයට ලසිත් මාලිංග ක්‍රීඩා කරන බව ඊයේ පස්වරුව වන විට ස්ථිරවී තිබුණි.
 
ලසිත් මාලිංග දණහිස ආබාධයකට නැවතත් ලක්වීම නිසා වසරකට අධික කාලයක් ක්‍රීඩාවෙන් ඈත්ව සිටියේය. දකුණතින් වේග පන්දු යවන මාලිංග පසුගිය වසරේ පෙබරවාරි මස බංග්ලාදේශයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියෙන් පසු ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියේය. ශ්‍රී ලංකා විස්සයි20 පිලේ හිටපු නායකයකු වන මාලිංග පසුගිය වසර මුල ඉන්දියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට ඉන්දියාවට ගියද ආබාධය හේතුවෙන් ක්‍රීඩා නොකර නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ලෝක විස්සයි20 ක්‍රිකට් පිටියේ ද ප්‍රබල ක්‍රීඩකයකුව සිටි 33 හැවිරිදි මාලිංග විස්සයි20 අන්තර්ජාතික තරග 62 කදී කඩුලු 78 ක් දවාගෙන තිබේ. මාලිංග විස්සයි20 තරග 221 කට සහභාගි වී ඇති අත්දැකීම් සපිරි ක්‍රීඩකයෙකි.
පුහුණු තරගයේදී චයිනමන් පන්දු යවන ලක්‍ෂාන් සඳකැන් සහ පිතිකරු කුසල් මෙන්ඩිස් විවේක ගන්වා තිබේ. නුවන් කුලසේකර සහ සචිත් පතිරණ දෙදෙනාටත් ස්ථාන අහිමි වන බව ඕස්ටේ්‍රලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පෙරේදා (13) නැවත පුහුණුවීම් ආරම්භ කර ඇති අතර ඔහුගේ ආබාධය සුව අතට හැරෙමින් ඇති බවද වාර්තා වේ.
දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය මේ මස 17 වැනිදා මෙල්බර්න්හිදී පැවැත්වේ.

Related posts

රුසියානු බොරතෙල් ප‍්‍රබල පුත‍්‍ර මිත‍්‍රයෙකු හරහා සපුගස්කන්දට…?

Shiran Viraj

කැළණි ගග උතුරයි.. මහ ගංවතුරක් කොළඹ බලා…

Shiran Viraj

Tech News – BNZ flips switch on Apple Pay in New Zealand

Shiran Viraj
Translate »