27.8 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

මුහුණු පොතෙන් හාද වී රු. ලක්ෂ 43ක්‌ ගරලා නයිජීරියානු ජාතිකයා මාලබේදී කොටුවෙයි

බදුල්ල කණුපැලැල්ල ප්‍රදේශයේ කාන්තාවක්‌ සමඟ මුහුණු පොතෙන් මිතුරුවූ නයිජීරියානු ජාතික තරුණයකු එම කාන්තාවකගෙන් රුපියල් හතළිස්‌ තුන් ලක්ෂ හයදහසක මුදලක්‌ වංචා කළ බවට බදුල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලක්‌ අනුව එම විදේශීය තරුණයා අත්අඩංගුවට ගෙන ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
කොළඹ මාලබේ ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක නයිජීරියානු ජාතික මෙම තරුණයා තොරතුරු තාක්‌ෂණය පිළිබඳව පාඨමාලාවක්‌ හදාරමින් සිටියදී මෙම කාන්තාව සමග මුහුණු පොතෙන් මිතුරුවීමෙන් අනතුරුව මෙම වංචාව සිදුකර තිබේ.
විදේශීය රටක සේවයේ නියුතුව සිටින මෙම කාන්තාවගේ ස්‌වාමි පුරුෂයා විසින් එවන ලද මුදල් මෙම තරුණයා වංචා කර ඇත. බදුල්ල පොලිස්‌ අධිකාරි ධම්මික වීරසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි බදුල්ල මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීකAෂක බී. යූ. පී. මානියන්ගම මහතාගේ අධීක්‌ෂණය යටතේ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ මෙම විදේශීය තරුණයා මාලබේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බදුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

හෙට තරගයේ ආරක්ෂාවට පොලිසියේ 1000ක්! CCTV කැමරාත් යොදාගනී

Shiran Viraj

පනත් 15ක් කඩිනමින් සම්මත කරන්න යයි..

Shiran Viraj

වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 130ක්

Shiran Viraj
Translate »