26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය 50ස් වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

මෙරට පාසල් අතර අද්විතීය ස්ථානයක් හිමි කර ගත් කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය 50ස් වන සංවත්සරය අද අභිමානවත් ලෙස සැමරුවේ ය.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, අධ්‍යාපනයට වෙන් කරන මුදලට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ය.
විද්‍යාලයීය නව කාර්යාල ගොඩනැගිල්ල ද මෙහිදී ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.
විද්‍යාලයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් නිකුත් කළ මුල්දින කවරයක් සහ මුද්දරය ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගන්වනු ලැබිණි.
මේ අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද සහභාගී වූහ.
1967 පෙබරවාරි මස 10 වන දා ඇරඹි සේනානායකය ඉතා කෙටි කලක් තුළ මෙරට ප්‍රමුඛ පෙළේ පාසලක් බවට පත් විය.
නිර්මාතෘ විදුහල්පති ආර්.අයි.ටී. අලස් මහතාගේ විශිෂ්ට නායකත්වයෙන් බිහි වූ සේනානායකය ගත වූ කාලය තුළ මෙරටට දැවන්ත පුද්ගලයින් රැසක් බිහි කර තිබේ.
50ස් වන සංවත්සරයට සමගාමීව විද්‍යාලයීය මාධ්‍ය ඒකකය මගින් ගුවන් විදුලි විකාශයක් ද සිදු කරයි.
මේ අතර පෙබරවාරි 15,16 සහ 17 යන දිනවලදී අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ද මීට සමගාමීව විද්‍යාලයීය භුමියේදී පැවැත්වේ.

Related posts

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවා බිඳ වැටේ

Shiran Viraj

නිරෝෂන් දික්වැල්ලට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක් පැනවේ..

Shiran Viraj

ප්‍රශ්ණ වලට බය නැති දුලානි

Shiran Viraj
Translate »