26.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

ඒ සාමාර්ථ 03ක් තිබිලත් සරසවියේ දොර වැසුණු පස්සර නගරයේ ශිෂ්‍යයාව

2015 උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ 03ක් ලබා ගත්ත ද විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලැබුණු පුවතක් මොණරාගලින් වාර්තා වුණා.
බුත්තල අධ්‍යාපන කලාපයට අයත් කොටමුදුන මහ විද්‍යාලයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ආර්. එම්. සෞම්‍යා උදේශිකා මෙම සිද්ධියට මුහුණ පා සිටිනවා. 2016 ජනවාරී මස 19 වනදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් තමන්ට ලිපියක් ලැබුණු බවත් 2015 – 2016 අධ්‍යාපන පාඨමාලාවන් සඳහා සෞන්දර්ය අංශයට කොමිසම මගින් තමන් තෝරාගෙන ඇති බවත් එම ලිපියේ සඳහන් වූ බවයි ඇය කියා සිටියේ.

තවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් වෙබ් අඩවිය හරහා එම පාඨමාලාව සඳහා 2016 ජනවාරී 21 වන දිනට පෙර ලියාපදිංචි වන ලෙස ද එහි සඳහන් වූ බව එම සිසුවිය පවසනවා. අන්තර්ජාල පහසුකම් නොමැති බැවින් පස්සර නගරයේ පෞද්ගලික ආයතනයකින් එම වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වීමට කටයුතු කළද තමන්ට විශ්ව විද්‍යාලයක් නොලැබුණු බව එම සිසුවිය පවසනවා.
පසුව කළ සොයා බැලීමක දී හෙළිව ඇත්තේ එම සිසුවිය අන්තර්ජාල සේවාව ලබාගත් ස්ථානයෙන් අදාළ ලියාපදිංචි කිරීම නිසි ලෙස සිදුකර නොමැති බවයි.

Related posts

ආරක්‍ෂක අමාත්‍යංශයෙන් ශිෂ්‍යත්ව සමතුන්ට මුදල් ආධාර

Shiran Viraj

රාජ්‍ය බැංකුවක සෙප්පුවක තිබු කෝටි 15ක මැණික් ගෙන යාමට එරෙහිව ප්‍රදේශවාසින් විරෝධතා…

Shiran Viraj

මහින්ද රාජපක්‍ෂට අගමැති ධුරය හිමි විය යුතුයි..- බැසිල්

Shiran Viraj
Translate »