2026-08-27
mediahumanrights.lk
Local NewsNews

සුනඛයින් අයාලේ යැව්වොත් 25,000 ක දඩයක්

සුනඛයින් මහ මඟ දමා යන සහ අයාලේ යවන පුද්ගලයන්ට එරෙහිව රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කිරීමට නීති සකස් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම, එවැන්නන්ට මාස 6 ක සිරදඬුවමකුත් ලබාදීමට ද නව නීති මගින් කටයුතු කරන බවයි විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
පොදු ස්ථානවලට සුනඛයින් ගෙනවිත් දමන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා ආරක්ෂිත කැමරා සවි කිරීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
– හිරු ප්‍රවෘත්ති

Related posts

චිලීව සහ තමන්ව වීඩියෝ කළ නිසා ටීනා තරුණයෙක්ට මහමගදී පහර දෙයි – වීඩියෝ

Shiran Viraj

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට

Shiran Viraj

කොරෝනා 1028 දක්වා ඉහලට..

Shiran Viraj
Translate »