28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
International News News

සසිකලාට සිර දඩුවම්


තමිල්නාඩු ප්‍රාන්තයේ පාලක පක්ෂයේ ලේකම්වරියවන සසිකලා නඩරාජන්ට එරෙහිව එල්ල වී තිබූ මූල්‍ය අපචාර චෝදනාවලට ඇය වැරදිකාරිය බව තීන්දු කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, ඇයට සිව් වසරක සිර දඬුවම් නියම කළේය.
ඇයගේ ඥාතීන්වන ඉලවරසි, සුදාගරන් මෙන්ම අභාවයට පත්වූ තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනිය ජලලිතා ජයරාම් ද අදාළ චෝදනාවලට වැරදිකරුවන් බව අධිකරණයේ නිගමණය විය.
හැකි ඉක්මනින් පොලිසියට භාර වන ලෙස සසිකලා, ඉලවරසි සහ සුදාගරන්ට අධිකරණය නියෝග කළේය.
1992 වසරේ ජයලලිතා ජයරාම් මහ ඇමතිනිය වශයෙන් කටයුතු කළ අවස්ථාවේදී, ජයලලිතා, සසිකලා, ඉලවරසි සහ සුදාගරන් විසින් ඉන්දීය රුපියල් කෝටි 66 පමණ මහජන මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව කර්ණාටක ප්‍රාන්තයේ අධිකරණයක නඩු පවරා තිබුණි. 
වසර විස්සකට පමණ පසුව 2014 සැප්තැම්බර් මාසයේ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණ. එවකට මහ ඇමතිවරිය ලෙස කටයුතු කළ ජයලලිතා ජයරාම් ඇතුළු සසිකලා, ඉලවරසි සහ සුදාගරන්ට සිව් වසරක සිර දඩුවම් නියම කෙරුණු අතර, රුපියල් කෝටි දහයක දඩයක් ද නියම කෙරිණ.
තීන්දුවෙන් පසුව බන්ධනාගාරගත කෙරුණු ඔවුහු, දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් දින කීපයකට පසුව නිදහස් කෙරිණ.
ඔවුන් නිදහස් කිරීමට එරෙහිව කර්නාටක ප්‍රාන්ත රජය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය.
අභියාචනය පිළිබඳ නඩු විභාගය පැවැත්වෙන අතරවාරයේ තමිල්නාඩුවේ මහ ඇමතිනි ජයලලිතා ජයරාම් හදිසියෙන් රෝගාතුර වීමෙන් පසුගිය දෙසැම්බර් මාසයේ මියගියාය.
ඇයගේ අභාවයෙන් පසුව සසිකලා නඩරාජන් “අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කලගම්” පක්ෂයේ මහ ලේකම් පදවියට තෝරාගැණින.
අධිකරණය ඇයට සිර දඩුවම් නියම කළේ, තමන් තමිල්නාඩුවේ මහ ඇමති පදවියට පත්කරන මෙන් ඉල්ලමින් ඇය සිය ආධාරකරුවන් සමග දේශපාලන අරගලයක නිරත වී සිටියදීය.
අධිකරණයේ තීන්දුව අනුව, වසර දහයක පමණ කාලයක් ඇයට දේශපාලනයට ඍජුව සම්බන්ධවීමට තහනම් කෙරෙනු ඇතැයි බීබීසී දෙමළ සේවය තමිල්නාඩුවේ සිට වාර්තා කරයි.
– http://www.bbc.com/sinhala/world-38969239

Related posts

මුල්ලිවයික්කාල් සැමරුමට අධිකරණයෙන් තහනමක්

Shiran Viraj

සුසන්තිකාට හිටපු ජනපතිගෙන් අවවාද

Shiran Viraj

සිව්දින නිල සංචාරයකට අගමැති අද ඔස්‌ටේ්‍රලියාවට

Shiran Viraj