24.5 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNews

වෛද්‍යවරුන්ට නව රෙගුලාසියක්

සැත්කමකට ලක් කරන රෝගියෙකුගේ අවදානම් තත්ත්වය මග හැරෙන තෙක් එය සිදු කළ විශේෂඥ වෛද්‍යවරයා ඔහු අසල සිටිය යුතු බවට වන නව රේගුලාසියක් පැනවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ, බොහෝ පෞද්ගලික රෝහල්වල සැත්කම් සිදු කළ විගස විශේෂඥ වෛද්‍යවරු වෙනත් රාජකාරී සඳහා බැහැරව යන බව ය.
ඉන් රෝගී ජීවිත අවදානමකට ලක්වන බව ද ඔහු කියා සිටියේ ය.
අදාළ රේගුලාසිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමට පසු විපරම් කිරීමේ පරික්ෂණ කණ්ඩායමක් ද යොදවන බව වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර  සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, මේ හරහා පෞද්ගලික රෝහල්වල සැත්කම් සඳහා ගෙවන මුදලට සරිලන ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට රෝගීන්ට පහසුකම් සැලසෙන බව ය.

Related posts

මිල වැඩි කිරීමෙන් සිනොපෙක්ට දැවැන්ත ලාභයක්.. පරණ මිලට විශාල තොග ගෙන්වලා..

Shiran Viraj

රාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා මෙන්න

Shiran Viraj

ලසන්ත මරුවේ කවුදැයි විමලවීර කියයි.. අගමැති ඉන්න ඕන හිරේ..- පාර්ලිමේන්තුව ගාලගොටියක් වෙයි..[Video]

Shiran Viraj
Translate »