26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව ගැන කොළ එළියක්


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට බි්‍රතාන්‍ය සූදානම් වෙයි. මෙම යෝජනාව ශ්‍රී ලංකාවට වාසි සහගත වනු ඇතැයි විශ්වාසය පළ කෙරේ. මානව හිමිකම් කවුන්සිලයේ න්‍යාය පත්‍රය සැකසීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පෙරේදා (13) පැවැති රැස්වීමේදී මේ බව හෙළිවී තිබේ.
මෙරට පැවැති යුද වාතාවරණයත් සමඟ රජයේ වගවීමේ කි්‍රයාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කාලය ලබාදීමේ අරමු‚න් මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇතැයි පැවසේ.
මාර්තු 22 වැනිදා ශ්‍රී ලංකාවට බලපාන කරුණු පිළිබඳ සංවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් සැසිවාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.
මෙරට රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ලබන 28 වැනිÞ මෙරට සංවර්ධන කි්‍රයාදාමය හා මානව හිමිකම් කි්‍රයාවලිය සම්බන්ධයෙන් ප්‍රගතිය පිළිබඳ සාරාංශයක් මානව හිමිකම් කවුන්සිල සැසිවාරය හමුවේ ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.
ලබන 27 වැනිදා ජිනීවාහිදී ඇරඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය මාර්තු 24 වැනිදා තෙක් පැවැත්වේ.

Related posts

අටලුගම වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පිරිසක් පහර දෙයි

Shiran Viraj

තවත් කොරෝනා මරණ 27ක්.. ඒ දිනක වැඩිම මරණ ගණනයි..

Shiran Viraj

සායනය සොරු කඩා ත‍්‍රිපෝෂ සොරකම් කරති…

Shiran Viraj
Translate »