mediahumanrights.lk
Local NewsNews

දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ හිඟයක්


දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, ඇතැම් රෝහල් මුලික රෝහල් දක්වා වර්ධනය වීම හේතුවෙන් එම හිඟය මතුව ඇති බව ය. ඉදිරි වසර දෙක තුළ එම හෙද හිඟයට විසඳුම් ලබා දීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.
ඒ යටතේ, ලබන වසරේ නව හෙද හෙදියන් 1000ක් බඳවා ගැනීමට නියමිත බව ද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

Related posts

මෙවර IPL තරගාවලියේ වැඩි ලකුණු කොල්කටා නයිට් රයිඩර්ස් ලබා ගනී

Shiran Viraj

ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 සැප්තැම්බරයේ එංගලන්තයට!

Shiran Viraj

ප‍්‍රසිද්ද දූවරුන්ගේ තවත් වීඩියෝවක් එලියට.. කීර්තියට හානියක් කියා සුජීවා පොලිසි යයි.. තරහට කරන ඒවාලු..

Shiran Viraj
Translate »