mediahumanrights.lk
Local NewsNews

දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ හිඟයක්


දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, ඇතැම් රෝහල් මුලික රෝහල් දක්වා වර්ධනය වීම හේතුවෙන් එම හිඟය මතුව ඇති බව ය. ඉදිරි වසර දෙක තුළ එම හෙද හිඟයට විසඳුම් ලබා දීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.
ඒ යටතේ, ලබන වසරේ නව හෙද හෙදියන් 1000ක් බඳවා ගැනීමට නියමිත බව ද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

Related posts

ශ‍්‍රී ලංකා ජනාධිපති සමග සාකච්චාව ගැන රුසියාවෙන් නිවේදනයක්…

Shiran Viraj

ජංගම දුරකථනය භාවිතා නොකරන ලෙසට කොමිසමෙන් හිටපු මහබැංකු අධිපතිට අවවාද

Shiran Viraj

අත්දැකීම් නැති ජනාධිපතිවරයකුට දුන්නොත් රට යලි අනතුරේ.. රනිල්ටම රට දිය යුතුයි..

Shiran Viraj
Translate »