28.4 C
Colombo
2026-07-07
mediahumanrights.lk
NewsSportsSports News

උපුල් තරංග ශතකයක් ගත්තත් මැද පෙළ ඇදවැටී ලංකාව අප්‍රිකාවට පරදී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති සිවුවැනි එක්දින තරගයද ලකුණු 40කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. නිව්ලෑන්ඩ්ස් පිටියේ ශ්‍රී ලංකා වේලාවෙන් අද (08දා) අලුයම අවසන් වූ තරගයේදී ලකුණු 367ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 327ට දැවී ගියේය.
දකුණු අප්‍රකාවෙන් එල්ල වූ දැවැන්ත අභියෝගයට සාර්ථක ආරම්භයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල හා නායක උපුල් තරංග පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 16.1කදී ලකුණු 139ක් රැස්කරමින් තරගය ශ්‍රී ලංකාවට දෙසට ගෙන ආවේය. ඉන් අනතුරුව දික්වැල්ල දැවී ගිය අතර පසුව කුසල් මෙන්ඩිස් හා එක්වූ තරංග ලකුණු 64ක සබඳතාවක් ගොඩනැංවිය. එහිදී තරංග සිය එක්දින දිවියේ 14 වැනි එක්දින ශතකය වාර්තා කළ අතර එය 2013 වසරෙන් පසුව ඔහු රැස්කළ පළමු ශතකයද වෙයි. කුසල් මුළු ලකුණු 203දී දැවී ගිය අතර තරංගගේ ඉනිම 216දී නිමාවිය. තරංග පන්දු 90කදී ලකුණු 119ක් රැස්කළේය.ඔහුගේ ඉනිමට හයේ පහර හතක් ඇතුළත් වූ අතර ඔහුගේ එක්දින දිවියේ එක් තරගයකදී වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවද එය විය. එසේම තරංග පන්දු 73කදී සිය ශතකය සම්පූර්ණ කළේය.
තරංගගේ දැවී යාමෙන් පසුව ධනංජයද සිල්වාගේ ඉනිමද අවසන් වූ අතර නැවතත් තරගය ශ්‍රී ලංකාව දෙසට ගෙන ඒමට නවක ක්‍රීඩකයන් වන අසේල ගුණරත්න හා සඳුන් වීරක්කොඩි සමත්වූයේය. ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ලට ලකුණු 79ක සබඳතාවක් ගොඩනගමින් තරගය නැවතත් ශ්‍රී ලංකාව දෙසට ගෙන ආවේය. කෙසේ වෙතත් ලකුණු 307දී පස්වැනි කඩුල්ල ලෙස අසේල දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුළු අතර ඉනිමට තවත් ලකුණු 20ක් එක්වෙන විට ශ්‍රී ලංකාවේ කඩුලු 5ක් දැවී ගියේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු 185ක් රැස්කළ ඩු ප්ලෙසි තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

 

Related posts

යාපනය බලකොටුවේ හමුදා කඳවුරු එපා

Shiran Viraj

Fall's biggest fitness trend would make rocky proud

Shiran Viraj

මුහුදේ සුලන් වේගය වැඩි වෙයි

Shiran Viraj
Translate »