2026-09-17
mediahumanrights.lk
International NewsNews

ඉන්දීය අධිකරණයෙන් නව තීන්දුවක්

සිනමා පටයක කතාවට අදාළ කොටසක් ලෙස හෝ ප්‍රවෘත්ති හා වාර්තා වැඩසටහනක ඉන්දීය ජාතික ගීය දර්ශනය වන අවස්ථාවක නැගිට ආචාර දැක්වීමේ අවශ්‍යතාවයක් නැති බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
පසුගිය නොවැම්බර් මාසයේ ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව ඉන්දියාවේ ඇති සෑම සිනමා ශාලාවකම දර්ශන ආරම්භයේදී ඉන්දීය ජාතික ගීය වාදනය කළ යුතු අතර ඒ අවස්ථාවේ නරඹන්නන් නැගිට සිට එයට ගෞරව දැක්විය යුතු බව අපේක්ෂා කෙරේ.
ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව දෙන තුරු, ප්‍රාන්ත 29 තුළ ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රාන්තවලටම අනන්‍යවූ නීති පැවතුණි.

Related posts

ලංකාවෙන් අසභ්‍ය වීඩියෝ ලක්‍ෂයක් අසභ්‍ය අඩවිවලට…

Shiran Viraj

හූනියම ගැන ගුප්ත විශ්වාස පර්යේෂකයින් සහ සමාජ විද්‍යා ප්‍රවීණයින් කතා කරයි

Shiran Viraj

සහල් ආනයන කරනවා.. කිලෝවට 65ක බද්දක් ගහනවා.. ඒ ගොවියා රකින්නයි…

Shiran Viraj
Translate »