2026-09-02
mediahumanrights.lk
International NewsNews

බි‍්‍රතාන්‍යයට කොරෝනා දෙවන රැල්ලක් – ස්පාඤ්ඤ අගනුවර ලොක්ඩවුන්

බි‍්‍රතාන්‍ය තුල කොරෝනා දෙවන රැල්ලක අවදානමක් මතුව තිබෙනවා. එරට අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ යුරෝපයේ පවතින තත්ත්වය අනුව බි‍්‍රතාන්‍යයටද දෙවනි රැල්ලකින් අත්මිදීමට නොහැකි වනු ඇති බවයි. කෙසේ වෙතත් පළමු වර මෙන් රට වසා දැමීම වැනි දැඩි පියවරයන් අනුගමනය කිරීමක් මෙවර සිදු නොකරන බවද බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

එහෙත් දැඩි සමාජ දුරස්ථ සීමා පැනවීමට සිදු වනු ඇති බවටයි ඔහු අනතුරු අගවා ඇත්තේ. බි‍්‍රතාන්‍යයෙන් මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ අසූපන් දහස් නවසිය තිස් හයක්.

මේ අතර ස්පාඤ්ඤය තුල යලිත් වරක් කොරෝනා වෛරසය සීග‍්‍රයෙන් පැතිර යන තත්ත්වයක් මතුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ මේ හේතුවෙන් එරට අගනුවර වන මැඞ්රිඞ් හි ප‍්‍රදේශ රැසක් වසා දැමීමට සිදුව ඇති බවයි. ඒ අනුව ලබන සදුදා සිට මැඞ්රිඞ් කලාපයේ 850,000කට වැඩි පිරිසකට ගමන් බිමන් සීමාවන්ට හා එක් රැස්වීමෙන් වැලකී සිටීමේ තහංචි වලට මුහුණ දීමට සිදුවනු ඇති.

යුරෝපය පුරා අඛණ්ඩව කොරෝනා රෝගීන් වාර්තා වීම මෙම තත්ත්වයට හේතුවයි. යුරෝපයේ වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන්නේ ද ස්පාඤ්ඤයෙන්. මැඞ්රිඞ් යනු එහි දරුණුතම බලපෑමට ලක්වූ කලාපයයි.

ස්පාඤ්ඤයෙන් මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ පනස් නව දහස් තුන්සිය තිස් හතරක්.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බැසිල් මුදල් ඇමතිකම සමග පාර්ලිමේන්තුවට…?

Shiran Viraj

ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 350ට ආසන්න වෙයි

Shiran Viraj

සජිත්ගේ සිල්ලර වැඩවලට පාර්ලිමේන්තු කාලය දෙන්න එපා..

Shiran Viraj
Translate »