mediahumanrights.lk
Local News News

ආගමික ස්ථානවලට අඩුවට විදුලිය දෙන්න වෙනම බලාගාර නෑ.. සූර්ය පැනල ගහගන්න..- කංචන තනි කෙලින්..

ආගමික ස්ථාන සඳහා විදුලි බලය ලබා දීමට වෙනම බලාගාර ලංකාවේ නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත තිබෙන බලශක්තිය කළමණාකරණය කරගත යුතු නිසා විදුලි බිල වැඩි කිරීමට කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය.

නමුත් ආගමික සිද්ධස්ථාන සඳහා සූර්ය පැනල ක්‍රමවේදයක් ගෙවීමේ ක්‍රමයට සම්පාදනය කිරීමට මේ දිනවල කටයුතු කරමින් ඇති බවද හෙතෙම පැවසීය.

ඒ ආකාරයට ගෙවීමේ ක්‍රමයට සූර්ය පැනල සවි කරගත හොත් ආගමික ස්ථාන සඳහා විදුලි බිල ගැටලුවක් නොවනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී මතුකල ප‍්‍රශ්ණයකට ප‍්‍රතිචාර දක්වමිනි.

කෙසේවෙතත් ආගමික ස්ථාන සඳහා යම් සහනදායී ක්‍රමවේදයක් අනුගමනය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් උපදෙස ලැබුණහොත් ඒ අනුව කටයුතු කිරීමට තමන් සූදානම් බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

Related posts

සහල් මිල වේගයෙන් පහතට…

Shiran Viraj

වැලිකඩ බන්ධනාගාරය ඉවතට.. හොරණ මිල්ලෑවට..

Shiran Viraj

අලුත්ම Samsung Galaxy S10 දුරකථනය ලොවටම හඳුන්වා දුන් කතාව සිදු කළේ ලාංකාවේ තරුණියක් – විස්තරේ මෙන්න

Shiran Viraj