mediahumanrights.lk
Local News News

අයවැය හිගය පියවීමට සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීමයි…

අයවැය හිගය පියවීම සඳහා සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීම බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියේ රටේ හොරු ඇල්ලීමේ වගකීම බොරු විසින්ම බාරගෙන ඇති බවත් එනිසා කිසිදාක හොරු ඇල්ලීමක් සිදු නොවන බවත්ය.

ජනතාව නායකයන් පත් කරන්නේ හොරු ඇල්ලීමට බවත් දැන් කරන්නේ බලය අරගෙන හොරුන් ආරක්ෂා කිරීම බවත් කිසිවෙකුගෙන් ජාතික වගකීම ඉටු නොවන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙරට දේශපාලකයන්ගේ හොරකම් ඇල්ලීමට ජාත්‍යන්තර කොමිෂන් සභාවක් පත් කළ යුතු බව පවසන උන්වහන්සේ මෙම දේශපාලන ප්‍රතිපත්තිය නැවැත්වීමට ජාත්‍යන්තර සහාය ලබාගත යුතු බවද කියා සිටියහ.

Related posts

දිවුලපිටිය ගින්නට හේතුව විදුලි කාන්දුවක් ද ?

Shiran Viraj

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද

Shiran Viraj

ඉන්දියාවට මොනව හරි දෙන්න ඕනෙම නම්; පාර්ලිමේන්තුව, අරලියගහ මන්දිරය දෙන්න. නැගෙනහිර පර්යන්තය ඉතුරු කරන්න!!!

Shiran Viraj