26.1 C
Colombo
2026-09-28
mediahumanrights.lk
International NewsLocal NewsNews

ෆයිසර් දකුණු ආසියාවේ මුලින්ම ගත්තේ ශ්‍රී ලංකාවයි..- රජය :: මාර්තු 25 මාලදිවයිනට දුන්නා- යුනිසෙෆ්

කොරෝනා මර්ධන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මිළදී ගත් දකුණු ආසියානු කලාපයේ මුල්ම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි රජය සදහන් කරයි.

එන්නත් මාත්‍රා 26000ක් අද පෙරවරුවේ මෙරටට ළඟා විය.

එම එන්නත් තොගය එන්නත් ගබඩා වෙත යොමු කර ඇති අතර ඇස්ටසෙනිකා දෙවැනි මාත‍්‍රාව ලෙස ලබා දීමටද රජය සැලසුම් කර ඇත.

කෙසේ වෙතත් යුනිසෙෆ් සංවිධාන මාලදිවයින් කාර්යාලය පසුගිය මාර්තු මස 25 වන දා සඳහන් කර ඇත්තේ මාල දිවයිනට ෆයිසර් එන්නත් 5800 තොගයක් ලබාදුන් බවයි.

රජයේ ප‍්‍රධානියෙක්ගෙන් මේ සම්බන්දයෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ මාලදිවයිනට ලැබී ඇත්තේ මිලදී ගත් එන්නත් තොගයක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල යටතේ ප්‍රදානයක් බවයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් රැසක් රටින් පිටවෙන්න සූදානම් වෙති…

Shiran Viraj

ඉන්දීය ආහාර හා තෙල් තවත් නොලැබෙන ලකුණු….

Shiran Viraj

මාතලේ කළුගඟ ආශ්‍රිතව මෙරට ප්‍රථම රිළා රැඳවුම් මධ්‍යස්ථානය ඉදිවෙයි

Shiran Viraj
Translate »