mediahumanrights.lk
Local News News

බලපත්‍ර නොමැතිව ෆාමසියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුSTF අත්අඩංගුවට

කාත්තන්කුඩි‘ අස් සහීඩ් අහමඩ් ලෙබ්බේ ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ඖෂධ වෙළදසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කලවංචිකුඩි කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එම වෙළද සැලේ තිබී අධි මාත්‍රා සහිත ඖෂධ වර්ග 7 කට අයත් ඖෂධ 372 ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

සැකකරු විසින් වැඩි මුදලකට එම ඖෂධ අළෙවි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. වැඩිදුර විමර්ශන සදහා සැකකරු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරයා වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා. කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

Related posts

සියල්ලට පිළිතුරු දෙමින් මැතිව්ස් පියඹා ගොස් රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න

Shiran Viraj

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 220 කට කොරෝනා

Shiran Viraj

විල්පත්තුවල පවරා ගත් ඉඩම් වහාම නිදහස් කළ යුතුයි

Shiran Viraj