mediahumanrights.lk
Local News News

කොරෝනා අවදානම ඉහළයි – වායුසමීකරණය කළ කාමර වල ගැවසීම සීමා කරන්න යැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

කොරෝනා වෛරසය මේවනවිට සමාජගත වී ඇති බැවින් එය තවදුරටත් පැතිරයාමේ වැඩි ඉඩකඩක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ හේතුවෙන් සියලූ‍ පුරවැසියන්, සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම මේ මොහොතේ අනිවාර්යයෙන් සිදුකළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වායුසමීකරණය කර ඇති කාමරවල පුද්ගලයින් වැඩිවශයෙන් ගැවසීම මේ මොහොතේ සිදු නොකළ යුතුයි. මේ, අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබද පැහැදිලි කරන ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම.

යම් අයෙකුට ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ළගම ඇති රෝහලට ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. එවැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් රෝහල කරා යාමේදී පෞද්ගලික ප‍්‍රවාහන සේවයක් භාවිත කරන ලෙයසි මෙහිදී වැඩිදුරටත් ඉල්ලීමක් කෙරුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මත්පැන් බලපත් ඉල්ලු අය අතර SJB මන්ත‍්‍රීන් විශාල පිරිසක්…

Shiran Viraj

පෞද්ගලික රෝහල් වල සිදු කෙරෙන PCR මංකොල්ලයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් නිලධාරීන්ගේ සහාය

Shiran Viraj

රජයේ වී ගබඩාවකට අලි ප්‍රහාරයක්

Shiran Viraj