mediahumanrights.lk
News Political

මැතිසබේ රකින්න හමුදාව එපා එස්.ටී.එෆ් දාන්න – හිටපු කතානායක කරු

මැතිසබයේ පිටත පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා කැඳවන ලද හමුදා භටයන් ඉවත්කොට ඒ වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස හිටපු කතානායක කරු ජයසූරිය මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

පසුගියදා දුරකතනයෙන් අගමැතිවරයා ඇමතූ කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු ආරක්ෂාව සඳහා හමුදාව කැඳවීම ගැන විවිධ පක්ෂ විසින් ප්‍රශ්න මතුකර ඇති බැවින් ඒ ගැන කරුණු විමසා ඇත.

එවිට අගමැතිවරයා කරු ජයසූරිය මහතාට කියා ඇත්තේ පාර්ලිමේන්තුවේ සේවය කළ පොලිස් භටයන්ගෙන් කොටසක් නගරයේ ආරක්ෂාව සඳහා කැඳවා ඇති බැවින් පාර්ලිමේන්තුවේ පිටත පරිශ්‍රයේ රැකවරණය සඳහා හමුදාව තාවකාලික පදනමින් යොදවා ඇති බවය.

දැනට පාර්ලිමේන්තු ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බළකාය කැඳවිය නොහැක්කේ ඔවුන්ද කොරෝනා මර්දන විශේෂ රාජකාරිවල නියුතුව සිටින නිසා යැයි අගමැතිවරයා පැහැදිලි කර තිබේ.

lanka lead news

Related posts

ප‍්‍රසිද්ද දූවරුන්ගේ තවත් වීඩියෝවක් එලියට.. කීර්තියට හානියක් කියා සුජීවා පොලිසි යයි.. තරහට කරන ඒවාලු..

Shiran Viraj

ඉදිරි කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා වෛද්‍ය අනිල් ජාසිංහ එක්වෙනවා : සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවට කියයි

Shiran Viraj

ඉස්ලාමීය අන්තවාදය මඩින්න ජනපති පකිස්තාන සහාය ඉල්ලයි..

Shiran Viraj