mediahumanrights.lk
Local News News

කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණියක් අනුරාධපුරයෙන් හමුවේ

නව කොරෝනා වෛරසය ආසාධනය වූ බවට සැකකෙරෙන තරුණියක් අනුරාධපුරයෙන් වාර්තා වී තිබෙනවා. අවුරුදු 23ක් වයසැති මෙම තරුණිය අනුරාධපුරය, හිදෝගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපළේ සේවය කරනු ලබන සේවිකාවක් බවයි හෙළිවී ඇත්තේ.

නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග එම තරුණියව අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඇයව අංගොඩ පිහිටි IDH රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වෙසක් පෝදා ඤනසාර හිමි නිදහස් කරන්නැයි ලොකු තැනකින් කියයි..

Shiran Viraj

කොරෝනා වෛරසය: ‘මිත්‍යාව පසු පස යන්න එපා! සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න’ – ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්

Shiran Viraj

කොමිසන් සභාවල නියෝජිතයින් ජනපතිට කරුණු කියයි

Shiran Viraj