mediahumanrights.lk
News Political

රජයේ වෛද්‍ය නිලධාරින් අගමැති හමුවෙයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වුණා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදුවී ඇති අතර, එහිදී රාජ්‍ය සේවයේ මෙන්ම සෞඛ්‍ය සේවයේ පවතින ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

වෘත්තීයවේදීන්ට තම සේවාවන් දිරිගැන්වීම් සහිතව රටට සේවය ලබාදීම සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරදීම ද, විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත ලබාදීම සම්බන්ධයෙන් ද, රාජ්‍ය සේවය සදහා දීමනා ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා වන මූලික වැටුප් ක්‍රමවේදයක් ඇති කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

(under the courtesy of hirunews.lk news web)

Related posts

සචිත‍්‍ර සේනානායක අත්අඩංගුවට ගනී..

Shiran Viraj

67 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් කරණම් වලින් අහස සරසයි.

Shiran Viraj

කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්..

Shiran Viraj