mediahumanrights.lk
Local News News

අදත් දුම්රියක් කොට උඩ

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රිය පීලිපැනීමකට ලක්ව තිබේ.

අද(22) අළුයම 03.00ට පමණ මොරගොල්ලවැව සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතරදී මෙම පීලිපැනීම සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.

දුම්රියේ මැදිරි තුනක් පිලිපැනීමට ලක්ව ඇති අතර මගීන්ට කිසිදු අනතුරක් සිදු නොමැති බව සඳහන්ය.

දුම්රිය පීලිපැනිම හේතුවෙන් මඩකලපුව දක්වා ධාවන වන දුම්රියන් මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව  දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

මේ අතර පෙරේදා රාත්‍රියේ ද කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වූ මිනගයා දුම්රියට පළුගස්වැව ප්‍රදේශයේදී වන අලියෙකු ගැටීමෙන් දුම්රිය පිලිපැනීමට ලක් වුණි.

Related posts

සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම ගැන ගිවිසුමක් අත්සන් තබයි

Shiran Viraj

කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්

Shiran Viraj

ජනප්‍රිය ෆැන් පේජස් හිමිකරුවන් කවුදැයි සෙවීමට ෆේස්බුක් සමාගම සැරසෙයි

Shiran Viraj