mediahumanrights.lk
Local News News

පොලිසිය විජයකලා සොයා යයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත නගාසිටුවිය යුතු බව කියමින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිනියක වන විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් එළඹෙන සතියේ ඇය සොයා යාමට නියමිත බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
කතානායකවරයා විසින් නීතිපතිවරයාට කළ දැනුම්දීමකට අනුව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කිරීමෙන් පසුව මෙම පරීක්ෂණය සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් ආරම්භ කර තිබුණි.
 
පසුගිය සතියේදී විජයකලා මන්ත්‍රීවරිය එම ප්‍රකාශය සිදුකරන අතරවාරයේ එම උත්සව සභාවේ සිටි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, කිලිනොච්චි සහ යාපනය දිසාපතිවරුන් ඇතුළු පුද්ගලයන් 20 දෙදෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.
 
අවසාන වශයෙන් විජයකලා මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සටහන් කිරීමෙන් අනතුරුව ලබාගත් සියලුම ප්‍රකාශ එකතු කොට වාර්තාවක් සකසා පොලිස්පතිවරයාට ලබාදීමට නියමිතව ඇති බව පැවසේ.
 
පසුව පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට ලබාදී නීතිපතිවරයා විසින් නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පක්ෂනායකවරුන් දැනුවත් කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

''මහින්දගේ අවජාතක දරුවා සුජාත කරන්නයි හදන්නේ''

Shiran Viraj

සල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..

Shiran Viraj

කොළඹ මුස්ලිම් පාසල්වලට ජනපතිගෙන් සහනයක්..

Shiran Viraj