mediahumanrights.lk
News

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු වෙයි

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු කිරීමට ලංකා සතොස  තීරණය කර තිබේ.
පොදු ජනතාවට සහන සැළසීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම් සිදු කර ඇති බව සඳහන්ය.
ඒ අනුව දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් 372 තුළින්ම හිඟයකින් තොරව මෙම භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතී.
ඒ අනුව රුපියල් 65ක්ව පැවති සුදු කැකුළු කිලෝවක් 62ක් දක්වාද, රුපියල් 74ක්ව පැවති නාඩු සහල් කිලෝවක් රුපියල් 70ක් දක්වාද, පොන්නි සම්බා කිලෝවක් රුපියල් 78 සිට 71 දක්වාද, සීනි කිලෝවක් රුපියල් 107 සිට 100 දක්වාද, ලොකු ලූණු කිලෝවක් රුපියල් 152 සිට රුපියල් 135 දක්වාද, ටින් මාලු (ග්‍රෑම් 425) රුපියල් 149 සිට රුපියල් 127 දක්වාද, මිල අඩුකර තිබේ.
එමෙන්ම රතු කැකුළු කිලෝවක් රුපියල් 63ක් ද, බාස්මතී කිලෝවක් රුපියල් 132ක් ද, සුදු ලූණු කිලෝවක් රුපියල් 250ක් ද වෙයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

විශ්‍රාමික පොලිස් ලොක්කෙක් නීති විරෝධීව පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලට පත් කරලා..

Shiran Viraj

බන්ධනාගාරයේ පුරප්පාඩු 1200ක්! 350ක් බඳවාගත්තත් ගෙදර යවලා!

Shiran Viraj

ශ‍්‍රීලනිප මූලස්ථානයේ කාර්යාලයකට සිල් තියයි…

Shiran Viraj