mediahumanrights.lk
Local News News

සැර වැඩි මත්පැන් බදු වැඩි වෙයි – සැර අඩු මත්පැන් බදු අඩු වෙයි

මත්පැන්වල අඩංගු වන මධ්‍යසාර ප්‍රමාණය හා වර්ගය මත පාදක වූ සූත්‍රයක් අනුව බදු අය කරනු ලබන බව පැවසීය.
එහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළ අයවැය යෝජනා පහත දැක්වේ.
මුළු මත්පැන් පරිභෝජනයෙන් 49% ක් නීතිවිරෝධී මත්පැන් වන අතර 85% කට වැඩි ප්‍රමාණයක් සැර මත්පැන් වේ.
කෙසේ වුවද බොහෝ රටවල්වල සිය බදු ව්‍යූහය සකසා ඇත්තේ සැර මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීමටය.
එමෙන්ම මධ්‍යසාර ප්‍රතිශතය හා සමානුපාතිකව බදු අය කෙරේ.
මධ්‍යසාර අඩංගු වන ප්‍රමාණය හා වර්ගය පාදක වූ සූත්‍රයක් මත අපගේ බදු ව්‍යූහය යථාවත් කෙරේ.
එසේම මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බද්ද 2018 අප්‍රේල් 01 සිට පැනවීමට කටයුතු කෙරේ.
ඒ මහතා මේ බව සඳහන් කළේ 2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

වැරදි පාරේ ගිය 4765ක් දවස් 04කදී අල්ලයි

Shiran Viraj

අගමැති එජාපයේ මන්ත්‍රීන් හදිසියේ රැස්කරයි – එජාප මන්ත්‍රීන්ගෙන් අගමැතිට විශේෂ ඉල්ලීමක්

Shiran Viraj

රටට අනාගතයක් නෑ.. තරුණ තරුණියන් පාස්පොට් පොලිමේ… අපි හදනවා හොරු නැති ආණ්ඩුවක්…- ශ‍්‍රීලනිපය කියයි….

Shiran Viraj