mediahumanrights.lk
News Political

සුව ඇමති හෙට මාලෙ යයි

සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා හෙට (05) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70 වන සැසිවාරයට සහභාගිවීම සඳහා අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
එම සැසිවාරය ලබන 06 වනදා සිට 11 වනදා දක්වා මාලදිවයිනේ මාලේ අගනුවර පැවැත්වෙන බව වාර්තා වෙයි.
මෙම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සැසිවාරයේ සභාපතීත්වය  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හොඹවන අතර එම සභාපතීත්වය  මෙවර මාලදිවයින සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල් නසීම් ඊබ්රයහිම් මහතා වෙත පිරිනෑමීමට නියමිතය.
මෙවර සැසිවාරයේදී බෝනොවන රෝග සහ දේශගුණික විපර්යාස කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ.
මේ අතර මෙවර සැසිවාරයේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත අතර එයට සහභාගීවන සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු කිරීමට ද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

පිටසක්වල ජීවීන්ට පණිවිඩයක් .. ලෝකයේ අවසානය ගැන ඉගියක්

Shiran Viraj

සියෙරා ලියෝන්හි නායයෑමෙන් පුද්ගලයින් 312ක් මියයයි

Shiran Viraj

බ්‍රසීලයෙන් ජපානයට පැමිණි සංචාරකයින් පිරිසකගෙන් නව කොරෝනා ප්‍රභේදයක් සොයා ගැනේ

Shiran Viraj