mediahumanrights.lk
Local News News Political

විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක් නැවත සේවයට බඳවා ගන්නවා

විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක් සේවා අවශ්‍යතාවය මත නැවත සේවයට බඳවා ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ “නිල මෙහෙවර ජනපති ජනතා සේවය“ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුරප්පාඩු තනතුරු වෙනුවෙන් නව නිලධාරින් බඳවා ගන්නා තෙක් විශ්‍රාම ගිය ග්‍රාම නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත බදවා ගන්නා බවය.
නිල මෙහෙවර ජනපති ජනතා සේවය ජාතික වැඩසටහනේ වව්නියාව – මන්නාරම් දිස්ත්‍රික් ආරම්භක වැඩසටහනට එක්වෙමින් වජිර අබේවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වව්නියාව, නුවරඑළිය සහ අනුරාධපුර යන දිස්ත්‍රික් තුළ පවතින සීමා නිර්ණ ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන බවය.
(under the courtesy of adaderana news web)

Related posts

අධික මිලකට ඖෂධයක් අලෙවි කළ ඖෂධ සමාගමට වැඩවරදින ලකුණු

Shiran Viraj

ජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…

Shiran Viraj

පොහොට්ටුවෙන් මට නාම යෝජනා දුන්නේ නෑ.. කලවැද්දා මාව කැපුවා..- විජිත්රෝහණ විජේමුණි..

Shiran Viraj