2026-09-07
mediahumanrights.lk
Local NewsNews

එළවළු මිළ පහත වැටීම ගැන ජනපති අවධානය

වියළි කලාපීය එළවළු මිළ පහත වැටීම හේතුවෙන් ගොවීන් මුහුණ දී තිබෙන ගැටලූවලට කඩිනම් විසඳුම් සෙවීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ඊයේ (27) පස්වරුවේ පැවැත්වුණා. ඒ, අමාත්‍ය සරත් අමුණුගම සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දුගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි.

වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා සහ තක්කාලි ඇතුලූ එළවළු වර්ග කිිහිපයක මිළ පහත වැටීම හේතුවෙන් ගොවීන් මේ දිනවල අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා. ඒ පිළිබඳ අවධානය යොමු කරමින් රජයේ මැදිහත්වීමෙන් එම එළවළු වර්ග වෙළඳපළ වෙත නිකුත් කිරීමේ ක‍්‍රමවේදයක් පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එම එළවළු වර්ග සමුපකාර හරහා මිලදී ගැනීමේ ක‍්‍රමවේදයක් මෙන්ම පෞද්ගලික අංශයේ දායත්කවයද ඒ සඳහා ලබා ගැනීමට එහිදී සාකච්ඡා වී තිබෙනවා.

රෝහල්, හමුදා මූලස්ථාන සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැනි ස්ථාන සඳහා එළවලූ සැපයීමේදී එම එළවළු දිස්ති‍්‍රන් මට්ටමින් යොමු කිරිමේ වැඩපිළිවෙළක් පිළිබඳවද එහිදී සාකච්ඡා වී තිබෙනවා. එමෙන්ම, වළවළු කල් තබා ගැනීමේ වන ක‍්‍රමවේද අත්හදා බැලීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අනාවරණ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අම්පාරේ මුහුද ගොඩ ගලයි.. සුනාමි යයි ජනතාව භීතියෙන්..

Shiran Viraj

ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත අරඹයි…

Shiran Viraj

සජිත් දෙමල ජනතාව අන්දන්න 13 දෙනවා කියනවා.. දකුනේ ජනතා ප‍්‍රතිචාරය බලාගන්න සැරසෙන්න..

Shiran Viraj
Translate »