2026-09-24
mediahumanrights.lk
Local NewsNews

“දවල්ට වැඩිපුර වතුර බොන්න” වෛද්‍යවරුන් උපදෙස් දෙයි

උණුසුම් කාලගුණයක් පවතින මෙම සමයේදී එළිමහනේ සිදුකරන කටයුතුවලින් හැකිතරම් වළකින්නැයි වෛද්‍යවරුන් ඉල්ලීමක් කරනවා. අධික උණුසුම හේතුවෙන් කුඩා ළමයින් විජලනයට ලක්වීමේ අවදානමක් පවතින බවයි ක්‍රිඩා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලාල් ඒකනායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.
අධික උණුසුම හේතුවෙන් වවුනියාව පම්පමඩුව යුද හමුදා කවුරක පුහුණුවීම්වල නිරත වූ යුද හමුදා සෙබළුන් 14 දෙනෙකු ක්ලාන්ත වීම හේතුවෙන් රෝහල් ගතකෙරුණු පුවතක්ද ඊයේ (22) වාර්තා වුණා. ඊටත් වඩා අවදානම් තත්ත්වයන් වුවද අධික උණුසුම හේතුවෙන් ඇති විය හැකි බවයි වෛද්‍ය ලාල් ඒකනායක වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
අධික උණුසුම නිසා ඇති විය හැකි මෙවැනි අනතුරුවලින් වැළකීමට නම් දිවා කාලයේදී වැඩි වශයෙන් ජලය පානය කළයුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ අභයතිස්ස හිමි

Shiran Viraj

අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..

Shiran Viraj

දුම්වැටි සමාගම් ඉදිරියේ පෝලිම්.. එක් අයෙකුට පැකැට්ටුවක් පමණයි…

Shiran Viraj
Translate »