31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsPolitical

රෝසි අද දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (19) රෝසි සේනානායක දිවුරුම් දීමට නියමිතයි. පස්වරු 06ට මෙම දිවුරුම් දීම සිදුවන්නේ අරලියගහ මන්දිරයේදියි.
ඒ කොළඹ ප්‍රථම පුරපතිනිය ලෙසයි.
කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජයග්‍රහණය කළ සියලූ මන්ත්‍රීවරුන් මෙහිදී දිවුරුම් දීමටයි නියමිතව ඇත්තේ.
ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිපල වලට අනුව එක්සත් ජාතික පක්ෂයට කොළඹ මහ නගර සභාව සඳහා මන්ත්‍රීවරුන් 60 දෙනෙකු තේරී පත්වුණා.
ඒ, සමස්ථ ඡන්ද එක් ලක්ෂ තිස් එක් දහස් තුන්සිය පනස් තුනක් ලබා ගනිමින්. ඡන්ද ප්‍රතිපලයට අනුව අතිරේක මන්ත්‍රීවරුන් නව දෙනෙකු ද එක්සත් ජාතික පක්ෂයට හිමිවුණා.
මේ අතර, පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම හෙට (20) සිට ආරම්භ කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පොතක් ලියන්න සූදානම් වෙනවා

Shiran Viraj

සංචාරය අවලංගු කිරීම ගැන රැජිනිකාන්ත් ලිපියක් එවයි

Shiran Viraj

මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක්..

Shiran Viraj
Translate »