mediahumanrights.lk
LIFE LIFE NEWS News

එළවළු පලතුරු බහුල ආහාර වේලකින් අධි රුධිර පීඩනය පහළට

මෙම අධ්‍යයනයෙන් රෝගීන්ට ලබාදිය හැකි වැදගත්ම පණිවිඩය වනුයේ අඩු ලුණු සහිත සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්‌ ගැනීමෙන් ඔවුනට දිගු කලක්‌ තම දිවිය පවත්වාගෙන යා හැකි බවයි
අඩු ලුණු, අඩු මේදය
යෙදූ එළවළු හා පලතුරු බහුල ආහාර වේලක්‌ ආහාරයට ගැනීමෙන් සති හතරක කාලයකට පසු බෙහෙත්වලට වඩා අධි රුධිර පීඩනය (හයිබ්ලඩ් ප්‍රෙෂර්) අඩු කර ගත හැකි බව ඇමරිකා එක්‌සත් ජනපදයෙහි හාවඩ් වෛද්‍ය විද්‍යාලය මගින් සිදුකරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
මෙම අධ්‍යයනයට අනුව එළවළු හා පලතුරු බහුලව අඩංගු ලුණු අඩුවෙන් යෙදූ හා අඩු මේදය සහිත කිරි එක්‌කර ගත් ආහාර වේලක්‌ ආහාරයට ගැනීමෙන් සති හතරක කාලයකට පසු අධි රුධිර පීඩන මට්‌ටම දළ වශයෙන් මිලිලීටර් 21 කින් අඩුකරගත හැකිය.
දැනට අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන් සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන බොහෝ බෙහෙත් වර්ගවලට අධි රුධිර පීඩන මට්‌ටම අඩු කළ හැක්‌කේ මිලි ලීටර් 10 ත් 15 ත් අතර ප්‍රමාණයකින් බව අනාවරණය වී ඇති අතර එම බෙහෙත් ගැනීමෙන් පසු හිසරදය, ක්‌ලාන්තය වැනි අතුරු ආබාධ තත්ත්වයන් පුද්ගලයන් තුළ හට ගන්නා බව පෙනීගොස්‌ තිබේ. මෙම අධ්‍යයනය මෙහෙයවූ වෛද්‍ය ලෝරන්ස්‌ ඇප්පෙල්ට අනුව මෙම අධ්‍යයනයේදී පර්යේෂකයින් විසින් උත්සාහ දරා ඇත්තේ පෝෂ්‍යදායී ආහාර වේලක්‌ හරහා බෙහෙත්වලට වඩා වැඩි ප්‍රමාණයකින් අධි රුධිර පීඩන මට්‌ටම අඩුකරගත හැකි අයුරු විමසා බැලීමටය.
මෙම අධ්‍යයනයෙන් රෝගීන්ට ලබාදිය හැකි වැදගත්ම පණිවිඩය වනුයේ අඩු ලුණු සහිත සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්‌ ගැනීමෙන් ඔවුනට දිගු කලක්‌ තම දිවිය පවත්වාගෙන යා හැකි බවයි.
ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය දැනටමත් අවම වශයෙන් අධි රුධිර පීඩන මට්‌ටම මිලි මීටර් 3-4 ප්‍රමාණයකින් අඩු කළ නොහැකි බෙහෙත්වලට අනුමැතිය ලබා නොදේ.
මෙම අධ්‍යයනයේදී පර්යේෂකයින් විසින් පළමු අදියරේ අධි රුධිර පීඩනයෙන් පෙළෙන එම රෝග තත්ත්වය සඳහා බෙහෙත් ලබා නොගන්නා පුද්ගලයන් 412 දෙනෙකු අධීක්‍ෂණයට ලක්‌කර ඇත.
මෙම පුද්ගලයින්ගෙන් කොටසකට අධ්‍යයනය පැවැති කාල සීමාව තුළදී අධි රුධිර පීඩනය නැවැත්වීම සඳහා ඉලක්‌ක කර ගත් ආහාර වේලක්‌ එනම් අධික පලතුරු, එළවළු, හා අඩු මේදය සහිත කිරි ආහාර (සංතෘප්ත මේදය ඉතා අඩු) බහුල ආහාර වේලක්‌ ගැනීමට සලස්‌වා ඇති අතර ඉතිරි කොටසට සාම්ප්‍රදායික ඇමරිකානු ආහාර වේලක්‌ ගැනීමට සලස්‌වා තිබේ.
මෙම සෑම අයෙකුටම තේ හැඳි එකක්‌ හෝ දෙකක්‌ පමණ වන ලුණු ප්‍රමාණයක්‌ එකිනෙකාට වෙනස්‌ වන අයුරින් ආහාරයට එක්‌කර ලබා දී ඇති අතර එය සති හතරක කාලයක්‌ ගැනීමට සලස්‌වා තිබේ. මෙහිදී ඇමරිකා එක්‌සත් ජනපදය තුළ හෘද රෝග හා ආඝාතය (ස්‌ට්‍රොaක්‌) සඳහා ඇති අවදානම අඩුකරලීමේ නිර්දේශිත ලුණු ප්‍රමාණය එක්‌ තේ හැන්දක්‌ වේ.
මෙම අධ්‍යයනයෙහි ප්‍රතිඵලයට අනුව එයට සහභාගි වූවන්ගෙන් අධි රුධිර පීඩන මට්‌ටම ඉහළ අගයක පැවැති අයගේ රුධිර පීඩන මට්‌ටම ඉහත කී ආහාර වේල ලබා ගැනීමෙන් පසුව සති හතරක කාලය තුළදී මිලිමීටර් 21 කින් අඩුවී තිබී ඇත.
ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය විසින් අනුමත කරන ලද අධි රුධිර පීඩනය මර්දනය සඳහා ලබා දෙන බෙහෙත් වර්ගවලින් රුධිර පීඩන මට්‌ටම අඩු කරලනුයේ මිලිමීටර් 3 – 4 අතර ප්‍රමාණයකින් බව හෙළිවී තිබේ. එමෙන්ම ඒ සී ඒ ඉන්හිබිටර්ස්‌, කැල්සියම් බ්ලොකර්ස්‌ හා බීටා බ්ලොකර්ස්‌ වැනි බෙහෙත් වර්ගවලින් අධි රුධිර පීඩන මට්‌ටම අඩු කර ගත හැක්‌කේ මිලිමීටර් 10 – 15 අතර ප්‍රමාණයකින් බව ද හෙළි වී ඇත. මෙම අධ්‍යයනයට සහභාගි වූ අඩු රුධිර පීඩනයක්‌ පැවැති අයගේ රුධිර පීඩන මට්‌ටමද අධ්‍යයනයෙන් පසු මිලිමීටර් 5 ත් 10 ත් අතර ප්‍රමාණයකින් අඩුවී තිබී ඇත.
courtesy : divaina.com

Related posts

මම ජනප්‍රිය වුණේ 'කූඹියෝ' නිසා

Shiran Viraj

මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..

Shiran Viraj

විශ්වාස භංගයට අත්සන් ගන්න විපක්‍ෂය මහ වලියක.. සජිත් ඇතුළු පිරිසක් බෑ කියයි… පිරිසක් හා කියයි..

Shiran Viraj