mediahumanrights.lk
Local NewsNews

ලබන වසරටත් නොමිලේ පෙළ පොත් -අලෙවි කිරීමක් කරන්නෙ නෑ

වෙනත් වර්ෂ වලදී මෙන්ම 2018 වර්ෂය සඳහා සියලුම පාසල් ළමුන්ට නොමිලේ පාසල් පෙළ පොත් ලබාදෙන බව අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.
අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී ඉලංගසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ කිසිදු දරුවෙකුට පෙළ පොත් අළෙවි කිරීමට අපේක්ෂා නොකරන බවයි.
ලබන වර්ෂය සඳහා පාසල් පෙළ පොත් මුදලට ලබාදෙන බවට පැතිර යන ප‍්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්යන බව එම නිවේදනයේ සඳහන් වෙයි.
පාසල් පෙළ පොත්ල නිළ ඇදුම් මෙන්ම මෙන්ම ඇතැම් දරුවන්ට පාවහන් යුගලද නොමිලේ ලබාදීමට මේ වන විටත් රජය පියවර ගෙන ඇති බව අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ලබන වර්ෂය සඳහා රජය විසින් පෙළ පොත් මුද්රතණය සඳහා රුපියල් බිලියන 3.3ක් වියදම් කොට ඇති අතර මේ වන විට සියයට 95ක පෙළ පොත් පාසල්වලට බෙදා හැර තිබේ.
පෙළ පොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය ලබන ජනවාරි මස 11 වන දින සිදුකිරීමට නියමිත අතර ඒ වන විට සෑම දරුවෙකුටම ඔවුන්ට අවශ්‍ය පෙළ පොත් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
පළමු ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා සියලුම දරුවන්ට අලුත්ම පෙළ පොත් ලබාදී ඇති අතර 06 ශ්‍රේණිය හා 07 ශ්‍රේණියේ දරුවන් හට පෙළ පොත් නැවත භාවීතා කිරීම හුරු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කර ඇති බවද සඳහන් වෙයි.
අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව සෑම විෂයක් සඳහාම පෙළ පොත්වලට අමතරව අතිරේක පොත් මුද‍්‍රණය කර ඇති බැවින් ඒවා පමණක් අළෙවි කිරීමට ලබාදී ඇති බව අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇ‌මෙරිකාවෙන් ලැබුණු MCC තෑග්ග කොල්ලකෑමට ලක්වුණා..- ඇමරිකා තානාපති

Shiran Viraj

මේ පාලකයන්ට ඡන්දෙ දීල මගෙන් ගෙවල් ඉල්ලන්න එපා..- අගරදගුරු

Shiran Viraj

අවුරුදු 07 ක දැරියකට ගූගල් සමාගමෙන් රැකියාවකට කතා කරයි

Shiran Viraj
Translate »